පුවත් කෙටියෙන්
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා ජීවිතාරක්ෂකයින් සඳහා වැඩමුළුවක්
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා ජීවිතාරක්ෂකයින් සඳහා ජෙට් ස්කී ක්‍රියාකරු පුහුණු වැඩසටහනක් පසුගියදා පවත්වන ලදි.
කුණ්ඩසාලේට රෝගීන් 1000ක් සඳහා අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ රාජ්‍ය ආයතනවල සහය ඇතිව කුණ්ඩසාලේ මහමෙව්නා බෞද්ධ මධ්‍යස්ථානය කොවිඩ් 19 රෝගීන් සඳහා වන අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.
යුද හමුදාවෙන් දිළිඳු ජනතාව වෙත වියලි ආහාර ද්‍රව්‍ය සහ එළවළු
මුලතිව් ආරක්ෂක සේනාවට අයත් 59 සේනාංකයේ යුද හමුදා භටපිරිස් විසින් අලම්පිල්, කල්ලපාඩු, සෙල්වපුරම්, වන්නිකුලම්, මුල්ලියාවෙලි සහ වඩ්ඩුවාකල් යන ප්‍රදේශ වල දිළිඳු පවුල් සඳහා එළවළු මලු බෙදා දෙන ලදී.
දකුණු සුඩානයේ ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ සේවය පැසසුමට
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දකුණු සුඩානයේ බෝර් නගරයේ ස්ථාපිත කර ඇති දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකික හත්වන වෛද්‍ය කණ්ඩායමේ දැඩි කැපවීම, ප්‍රශස්ත දැනුම, පළපුරුද්ද, කළමනාකරණය සහ කුසලතාව පිළිබඳ විශේෂ ඇගයීමට ලක් කරන ලදී.
ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකාවන්ගේ සේවය නාවික හමුදාපතිගේ පැසසුමට
මෑතකදී MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ “සමුද්‍ර ප්‍රහාරී”, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ යන නෞකා මගින් සිදු කල සේවය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඇගයීමට ලක් කරන ලදී.
දකුණු සුඩානයේ තුවාලකරුවන් ගුවනින් ප්‍රවාහනයට ශ්‍රි ලාංකික වෛද්‍ය කණ්ඩායම්
දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහල් රාජකාරි කරනු ලබන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම විසින් අවදානම් තත්වයේ සිටි රෝගීන් ගුවනින් බෝර් සිට ජූබා සහ එන්ටැබ් දක්වා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාන්විතයන් මෑතකදී සිදුකරන ලදී.
බීඩි කොළ සහ කහ සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට
බීඩි කොළකිලෝග්‍රෑම් 514 ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 70ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු ඊයේ (ජුනි 08) දින මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ නාවික හමුදා භාරයට ගෙන ඇත.
ධීවර ප්‍රජාව සඳහා යුද හමුදාවෙන් පානීය ජලය
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මඩකලපුව, පුන්නකුඩා ප්‍රදේශයේ ධීවර පවුල් 200 කට සහ විහාරස්ථානයේ භාවිතයට පානීය ජලය ලබාගැනීම සඳහා ලීටර 1000 ක ජල ටැංකියක් ස්ථාපිත කරන ලදී.
මුහුදේදී රෝගාතුරු වූ ධීවරයෙක් නාවික හමුදාව ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූනි 7) දින බහු දින ධීවර යාත්‍රාවකදි හදිසියේ රෝගාතුරව අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් අවශ්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කරන ලදී.
හදිසියේ ගොඩ බැස්සූ ගුවන් හමුදා යානය ආරක්ෂිතයි
පුහුණුවීමක් අතරතුරදී කාර්මික දෝෂයකට ලක්වූ ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානයක් ( සෙස්නා 150 ) හදිසියේ ත්‍රිකුණාමලය, ඉරක්කණ්ඩි ප්‍රදේශයට ගොඩ බස්සවන ලදී.
රුපියල් මිලියන 28 ක් වටිනා ගංජා තොගයක් නගර්කෝවිල්හිදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (7) දින නගර්කොවිල් වෙරළ ප්‍රදේශයේදී රුපියල් මිලියන 28 ක් වටිනා ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (ජූනි 5) දින මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන එන ලදී.
ගුවන් හමුදාවෙන් ලේ දන් දීමේ වැඩසටහනක්
මොරවැව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර විසින් ත්‍රිකුණාමල මහ රෝහලේ සහ ලේ බැංකුවේ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලීම සඳහා ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
කුරිච්චකර්නි ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ
කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් කුරිච්චකර්නි ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පරිවර්තනය කර ඇත.
ගං වතුර සඳහා කඩිනම් හමුදා ප්‍රතිචාර
ගම්පහ දිස්ත්‍රික්කයේ ගං වතුර තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ රැසක ජනතාව මුදා ගැනීමට ගං වතුර ආපදා සහන ක්‍රියාන්විත වල යෙදී සිටින නාවික හමුදා සහන කන්ඩායම් කටයුතු කර ඇත.
ගිනිගත් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමට යුද හමුදා සහය
මීට දින කිහිපයකට පෙර හානියට පත් 'X PRESS PEARL' නෞකාවේ සුන්බුන් හේතුවෙන් අපවිත්‍ර වූ වැලිගම සහ මිරිස්ස වෙරළ තීරයන්, යුද හමුදාවේ 3 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් පිරිසිදු කරන ලදී.
මුලාන්කාවිල් සහ නාචිකුඩා නගර විෂබීජහරණය කෙරේ
මුලාන්කාවිල් සහ නාචිකුඩා නගර ප්‍රදේශ ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් මුලාන්කාවිල් පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සභාව සමඟ සම්බන්ධ කර ගනිමින් විෂබීජහරණය කරන ලද අතර, කොවිඩ් -19 පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද සිදුවිය.
නීති විරෝධී වියලි කහ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුනි 3) දින හලාවත වට්ටක්කල්ලිය කලපු ප්‍රදේශයේදී නීති විරෝධී වියලි කහ කිලෝ 362 ග්‍රෑම් 950 සහ ලූණු බීජ කිලෝ 571 ග්‍රෑම් 400 අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ එන්නත්කරණ වැඩසටහනට යුද හමුදා සහය
යුද හමුදාවේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් භටපිරිස් විසින් යාපනය අර්ධ ද්වීපය පුරා මධ්‍යස්ථාන 36 ක එන්නත්කරණ වැඩසටහන පැවැත්වීම සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන ලදි.
අවිස්සාවේල්ල රෝහලට කොවිඩ් -19 වාට්ටුවක්
ශ්‍රී ලංකා යුද හමුදා බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් අවිස්සාවේල්ල මූලික රෝහල් වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර කොවිඩ්-19 රෝගීන් 40 දෙනෙකුට ප්‍රතිකාර කළ හැකි පරිදි සකසා රෝහල් බලධාරීන් වෙත භාරදෙන ලදී.
රුපියල් මිලියන 30 ක් වටිනා තවත් ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මාදගල් මාසන්කුඩා වෙරළ තීරයේ සිදුකල විශේෂ පාමුර සංචාරයකින් කිලෝ 101 ග්‍රෑම් 700 ක් පමණ වන කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සහන මිලට එළවළු මල්ලක්
දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා රට පුරා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වැඩසටහනක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ආරම්භ කර ඇත.
රුපියල් මිලියන 8 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මිලියන 8කට වඩා වටිනා ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් ඊයේ (ජූනි 1) දින අත්අඩංගුවට ගෙන තිබේ.
අකුරැස්ස රෝහලටත් නව කොවිඩ් - 19 වාට්ටුවක්
යුද හමුදාව විසින් අකුරැස්ස රෝහල් පරිශ්‍රයේ කොවිඩ් - 19 ආසාදිතයින් 75 දෙනෙකුට පහසුකම් සැලසිය හැකි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනු ලැබූ අතර පසුගියදා රෝහල් බලධාරින් වෙත භාරදෙනු ලැබීය.