පුවත් කෙටියෙන්
නාවික හමුදා සහයෙන් කැළණි ගඟේ ගසාගෙන ගිය පාවෙන අප ද්‍රව්‍ය බාධකය යලි ස්ථාපිත කෙරේ
පසු ගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහල යාමත් සමඟ ජල පහරට හසුවී ගසාගෙන ගිය පාවෙන ජල බාධකය නැවත යතාතත්වයට පත් කිරීම සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ඊයේ දින නාවික හමුදා සහය ලබා දෙන ලදි.
සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා දැඩිසත්කාර ඒකක ඇඳන් 10 ක්
යුද හමුදාව විසින් ස්ථාපනය කරන ලද සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතා කිරීම සඳහා අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගම (Upfield Sri Lanka Pvt Ltd) විසින් නව දැඩි සත්කාර ඒකක ඇඳන් 10 ක් පරිත්‍යාග කරන ලදි.
යුද හමුදා භටපිරිස් යාපනය අච්චුවේලි නගරය විෂබීජහරණය කරයි
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා හමුදාව මෑතකදී අච්චුවේලි නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කළේය.
කිලෝ 55 කට අධික ගංජා තොගයක් යුද හමුදා අත්අඩංගුවට
යුද හමුදාවේ 16 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් යාපනය පුලියන්තුරෙයි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඇසුරුම් 26 ක තැන්පත් කර වෙරළබඩ ප්‍රදේශයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 55.4 ක් අත්අඩංගුවට ගන්නා ලදි.
“ටවුටේ” සුළි කුණාටුව තවත් චණ්ඩ වේ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (මැයි 17) දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, නැගෙනහිර-මධ්‍යම අරාබි මුහුද ආශ්‍රිතව පැවති ඉතා චණ්ඩ “ටවුටේ” සුළි කුණාටුව, අද දින උදෑසන 08.30 පමණ වන විට අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්ව, උතුරු අක්ෂාංශ 18.8 ත් නැගෙනහිර දේශාංශ 71.5 ත් ආසන්නව ස්ථානගතව පැවති අතර මෙය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින්, අද දින සවස් කාලයේදී ඉන්දියාවේ ගුජරාටි වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්‍ෂාෂා කරන බවයි.
වෙරළාරක්‍ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නීති විරෝධී සංක්‍රමණික උත්සාහයන් ව්‍යර්ථ වේ
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලීසිය විසින් නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් 30 දෙනෙකු හලාවත සමිඳුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෝර වරල් සහිත ධීවර යාත්‍රාවක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් (කි.ග්‍රෑ. 55) ළඟ තබාගත් එක් දින ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු බේරුවල ධීවර වරායේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට යුද හමුදාවෙන් සහන
බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ යුද හමුදා භටපිරිස් විසින් පවතින අයහපත් කාලගුණික තත්වය සහ ගංගා පිටාර ගැලීමෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා සහය දක්වන ලදි.
නායයාමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ඊයේ (මැයි 15) සවස නිකුත් කර තිබේ.
'ටවුටේ' සුළි කුණාටුව ගැන අවධානයෙන්
ගිණිකොණ දින අරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊයේ (14) දින සිට ප.ව. 11.30 ට උතුරු අක්ෂාංශ 12න් නැගෙනහිර දේශාංශ 72.6 න් ආසන්නව ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේත්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
උතුරට තවත් අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන
යුධ හමුදාවේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වඩුක්කෝඩෙයි කාර්මික ගොඩනැගිල්ල රෝගීන් 200 කු සඳහා නේවාසිකව ප්‍රථිකාර කළ හැකි අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු කරන ලදි.
ගංවතුරෙන් විපතට පත්වුවන්ට සහන
මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර තත්වයෙන් ආපදාවට ලක්වී සිටින ජනතාව මුදාගැනීමට සහ සහන සැලසීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සහන කණ්ඩායම් ඊයේ (14) දින ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක වල යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකාවට සුනාමි බලපෑම නෑ
ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දුපතට ආසන්නයේ භූ චලනයක් සිදුවී ඇති අතර එයින් ශ්‍රී ලංකාවට සුනාමි අවධානයක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) දින ප්‍රකාශ කරන ලදි.
අයහපත් කාලගුණය තවදුරටත්
ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද (14) දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
නායයාම් රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.
අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නුවරඑළියට
නුවරඑළිය නගර ශාලා ගොඩනැගිල්ල කොවිඩ්-19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට යුද හමුදාව විසින් පරිවර්තනය කරන ලදි.
යුද හමුදා භට පිරිස් යාපනය නගරය විෂබීජහරණය කරයි
කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා යුද හමුදාවේ 512 බලසේනාව, 17 වන ගැමුණු හේවා බලඇණිය සහ 14 වන ගජබා රෙජිමේන්තුව විසින් මෑතකදී යාපනය නගරය විෂබීජහරණය කරන ලදි.
මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත නාවික හමුදාවෙන් පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂ මාතෘ ඒකකය වෙත ඇඳන් 03 ක් ලබා දෙන ලදි.
නවතමයෙන් හුදෙකලා කළ සහ හුදකලා වීමෙන් නිදහස් වන ප්‍රදේශ
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අද (මැයි 13) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි ගම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල අලුතින් හුදෙකලා කළ ග්‍රාම නිලධාරි කොට්ඨාස සහ හුදකලා වීමෙන් නිදහස් වූ ප්‍රදේශ ප්‍රකාශයට පත් කළේය.
එන්නත්කරණ වැඩසටහන සඳහා හමුදා සහාය
රට තුළ එන්නත් කිරිමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරිමේ අරමුණින් කොළඹ දිස්තික්කයේ නුගේගොඩ, වැල්ලවත්ත, මාලිගාවත්ත, මට්ටක්කුලිය හා ඛෙත්තාරාම යන ප්‍රදේශවල හා තවත් ප්‍රදේශවල ත්‍රිවිධ හමුදා සමාජිකයින්ගේ සහයෙන් එන්නත් කිරීමේ වැඩසටහන් මේ වන විට සිදුකෙරෙමින් පවතී.
වැල්ලවායට යුද හමුදාවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් වැල්ලවායේ පිහිටි යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර පසුගියදා වැල්ලවාය රෝහල වෙත භාරදෙන ලදී.
දිවයින පුරා සති අන්තයේ සංචරණය සිමා කෙරේ
කොවිඩ් - 19 පැතිරීම පාලනය කිරීම සඳහා හෙට සිට සඳුදා දක්වා දිවයින පුරා සංචරණ තහනමක් පැනවෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදා සහය
රජයේ කොවිඩ්-19 එන්නත්කරණ ක්‍රියාවලියට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවල නියුතු සේවකයින් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම ආරම්භ කළේය.
කන්තලේ ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෑතකදී කන්තලේ යොවුන් සේනාංක පරිශ්‍රය, ඇඳන් 150 ක් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළේය.
ප්‍රදේශ දහතුනක් හුදෙකලා කෙරේ
කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුර, හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල ප්‍රදේශ 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (මැයි 12) දින නිවේදනය කරන ලදි.