පුවත් කෙටියෙන්

පුවත් කෙටියෙන් | News Updates

පුද්ගලයන් 58,697 ක් මේ වන විට නිරෝධායනය සම්පූර්ණ කර ඇත - NOCPCO

ඊයේ (28) හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් 335 ක් සමඟින්, ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 9,205 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

 


පුවත් කෙටියෙන් | News Updates

අනවශ්‍ය ලෙස කලබල වී භාණ්ඩ මිලට ගැනීම සහ තොග ගබඩා කිරීමට අවශ්‍ය නැත - යුද හමුදාපති

අනවශ්‍ය ලෙස කලබල වී භාණ්ඩ මිලට ගැනීම සහ තොග වශයෙන් ගබඩා කිරීමෙන් වළකින ලෙසත් තවදුරටත් වෛරස් පැතිරීම වළක්වා ගැනීම සඳහා එක් රැස්වීමෙන් වළකින ලෙසත්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ සවස (28) කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ  දී (NOCPCO) මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.


පුවත් කෙටියෙන් | News Updates

මිනුවන්ගොඩ ඇඟලුම් පොකුරෙන් 130 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබයි - කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

මිනුවන්ගොඩ ඇඟලුම් සේවකයින්ගේ ආශ්‍රිතයින් 130 දෙනෙකු ඔක්තෝබර් 27 වන විට සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

ඊයේ දිනට PCR පරීක්ෂණ 7,682 ක්

ඊයේ (26) හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් 541 ක් සමඟින්, ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 8,413 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදා භටපිරිස් ගංජා තොගයක් සොයා ගනී

යුද හමුදා භටපිරිස් පේසාලේ ප්‍රදේශයේ, ඔලුත්තුඩුවායි වෙරළ තීරයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 26.9 ක් අත්අඩංගුවට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

ඊයේ දිනට PCR පරීක්ෂණ 9,189 ක්

ඊයේ (25) හඳුනාගෙන ඇති කොරෝනා  වෛරසය ආසාදිතයින්  351 ක් සමඟින්, ශ්‍රී ලංකාවේ කොරෝනා  වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7,872 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

රටේ ප්‍රදේශ කිහිපයකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

උතුරු - මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව්, වවුනියාව සහ මාතලේ දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ප.ව. 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


පුවත් කෙටියෙන් | News Updates

තවත් නගර කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ පොලිස් බලප්‍රදේශවලට අද (ඔක්තෝබර් 25) දින පස්වරු 6 සිට නැවත  දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව  රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයින් ගනණ 7521 දක්වා ඉහළට

අද (ඔක්තෝබර් 25) දින උදෑසන වන විට මෙරටෙන් වාර්තා වන කොරෝනා  වෛරසය  ආසාදිතයින් සංඛ්‍යාව 7521 දක්වා ඉහළ ගොස් තිබේ. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරු වලින් වාර්තා වූ පුද්ගලයින් 3958 ක් ද මෙයට ඇතුළත් ය.


පුවත් කෙටියෙන් | News Updates

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බලප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බලප්‍රදේශවලට ඊයේ (ඔක්තෝබර් 24) දින රාත්‍රී 7 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව  රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළ යයි

අද වාර්තා වී ඇති කොරෝනා මරණයත් සමඟම ශ්‍රී ලංකාවේ කොරෝනා  වෛරසය හේතුවෙන් මිය ගිය ගණන   15 ක්  වේ.


පුවත් කෙටියෙන් | News Updates

නවතම ඇදිරි නීති නිවේදනය

කොළඹ දිස්ත්‍රික්කයට අයත් දෙමටගොඩ සහ මරදාන යන පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


පුවත් කෙටියෙන් | News Updates

යාපනය යුද්ධ හමුදා භටපිරිස් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවකට සහ අසරණ පවුලකට නිවාස ඉදිකර දෙයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පරිත්‍යාගශීලින්ගේද සහාය ඇතිව සිය මානුෂීය ආධාර ලබාදීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් අවශ්‍යතා සහිත පවුල් දෙකක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස දෙකක් පසුගියදා පැවතී චාම් උත්සවයකදී පරිත්‍යාග කරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

රෝහලෙන් පලාගිය කෝවිඩ් ආසාදිත රෝගියා පොලිසිය විසින් සොයා ගනී

අද (ඔක්තෝබර් 23) කොස්ගම සාලාව රෝහලෙන් පැන ගිය කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගෙන සිටි පුද්ගලයා වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.


පුවත් කෙටියෙන් | News Updates

කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය

කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන පොලිස් බල ප්‍රදේශයට අද දින ප.ව  06.00 සිට  නිරෝධායන ඇඳිරි නිතීය ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තු නිවේදනය කරයි.

 


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකා ඉන්දියානු නාවික අභ්‍යාසය (SLINEX) - 2020 සමුද්‍රීය අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන ද්වීපාර්ශ්වික ශ්‍රී ලංකා ඉන්දියානු නාවික අභ්‍යාසයේ   (SLINEX) 2020  වසරය සඳහා වු  අභ්‍යාසය ඊයේ (ඔක්තෝබර් 21) සාර්ථකව අවසන් විය.


පුවත් කෙටියෙන් | News Updates

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද දින (ඔක්තෝබර් 22) දිවයිනේ බටහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන කිහිපයක සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව සඳහන් කරනවා.


පුවත් කෙටියෙන් | News Updates

කොළඹ පොලිස් බල ප්‍රදේශ 05 කට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයට අයත් මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව මීට ස්වල්ප වේලාවකට පෙර (ඔක්තෝබර් 22) නිවේදනය කළේය.

 


පුවත් කෙටියෙන් | News Updates

යුධ හමුදාව විසින් ඉදිකරන ලද කන්දකාඩු රෝහල හදිසි තත්ත්වයන් සඳහා සුදානම්

පවතින තත්ත්වය වඩාත් නරක අතට හැරුණහොත් ශ්‍රී ලංකා හමුදාව විසින් ඉදිකරන ලද ඇඳන් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් සහිත කන්දකාඩු රෝහල හදිසි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

කොවිඩ් - 19 මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 2342 දක්වා ඉහළට

මිනුවන්ගොඩ ඇඟලුම් පොකුරේ ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ (ඔක්තෝම්බර් 20) සවස වාර්තා වූ ආසාදිතයින් 120 ත් සමග 2342 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

 


පුවත් කෙටියෙන් | News Updates

පොලිස් බල ප්‍රදේශ 05 කට නිරෝධායන ඇදිරි නීතිය පැනවේ

කුලියාපිටිය, පන්නල, නාරම්මල, ගිරිඋල්ල සහ දුම්මලසුරිය යන පොලිස් බලප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි අද දින (ඔක්තෝබර් 20) සිට නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

කේරළ ගංජා කිලෝ 200 කට අධික තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 200 ග්‍රෑම් 825 ක කේරළ ගංජා තොගයක් පසුගිය දිනෙක අත්අඩංගුවට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් සදහා රැකියා ලබා දීමේ  වැඩසටහනේ ප්‍රථම අදියර සඳහා 34,818 දෙනෙකු තෝරාගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

මිනුවන්ගොඩ කොරෝනා වෛරස් පොකුර 2077 දක්වා ඉහළට

මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන අද (ඔක්තෝබර් 19) වන විට 2077දක්වා ඉහළ ගොස් තිබේ. මෙයට ඇඟලුම් කම්හල් සේවකයින් 1,041 ක් සහ ආශ්‍රිතයින්   1036 ක් ඇතුළත් වන බව  කොවිඩ් -19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදාව පොල් පැළ 300 ක් රෝපණය කරයි

56 වන සේනාංකයේ 23 වන සංවත්සරයට සමගාමීව 56 වන සේනාංකයේ ශ්‍රී ලංකා යුද හමුදා   සේනාංක / බලඇණි වල භටයින් විසින් කොක්එළිය ප්‍රදේශයේ පොල් පැළ 300 ක් රෝපණය කරන ලදී.