පුවත් කෙටියෙන්
ගුවන් හමුදාවේ “ගුවන් මිතුදම්” ව්‍යාපෘතිය හරහා පාසල්වලට සහාය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොත්මලේ පූඩළු ඔය, සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ සහ වවුනියාව, සින්නතම්පනේ ශ්‍රී ක්‍රිෂ්ණා විද්‍යාලයේ නවීකරණය කරන ලද යටිතල පහසුකම් කිහිපයක් පසුගියදා සිසු අයිතියට පත් කරන ලදි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සමාජිකයින්ට යුද හමුදාවෙන් නිවාස
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවනෝපාය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂීය මෙහෙවරක් ලෙස යාපනය අර්ධද්වීපයේ අල්වායි සහ තුම්පාලෙයි හි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් දෙදෙනෙකුට නිවාස දෙකක් ඉදිකිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මුල්ගල් තැබූ බව යුද හමුදාව පවසයි.
මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා නාවික හමුදාවට උපකරණ ප්‍රදානයක්
යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙය ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ් සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින් විසින් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන පරිලෝකන යන්ත්‍ර හතරක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඊයේ (නොවැම්බර් 30) භාර දෙන ලදී.
මුලතිව්හි හානියට පත් වැව් බැම්මක් සෙබළුන් පිළිසකර කරයි
මුලතිව් සෙම්මමොද්දායි වැව කැඩී යාමේ අවධානම උතුරේ යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් පසුගියදා වළක්වන ලදි.
ගුවන් හමුදා සෙවිම් සහ මුදා ගැනීමේ පාඨමාලාව සඳහා විදේශික පුහුණුවන්නන්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වනු ලබන සෙවීම් සහ මුදාගැනීමේ පාඨමාලා සඳහා විදේශීය පුහුණුවන්නන් කිහිප දෙනෙකුද විය.
යාපනයේ දිළිඳු පවුල් දෙකකට යුද හමුදාවෙන් නිවාස දෙකක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවාස දෙකක් යාපනයේ කරෙයිනගර් සහ පුත්තූර් ප්‍රදේශවල දිළිඳු පවුල් දෙකක් සඳහා පසුගියදා වෙන්ව පැවති උත්සවවලදී ලබා දෙන ලදි.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ‘Rigid Hulled Inflatable’ වර්ගයේ බෝට්ටුවක පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහන වෙතින් ‘Rigid Hulled Inflatable’ වර්ගයේ බෝට්ටුවක් මිරිස්ස වෙරළාරක්ෂක මූලස්ථානයේ උසස් පුහුණු මධ්‍යස්ථානයේ දී පසුගියදා (26) පැවති උත්සවයකදී පරිත්‍යාගයක් ලෙස ලැබිණ.
යුද හමුදාව තවත් කාබනික පොහොර කිලෝ 91,000ක් නිපදවයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ 91,000 ක තොගයක් සීමාසහිත ලංකා පොහොර සමාගම වෙත භාරදීම පසුගියදා ත්‍රිකුණාමලයේ 22 වන සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී සිදුවිය.
අන්තර්ජාතික පුහුණු සැසිය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේදී නිමාවට පත්වේ
වෙරළාරක්‍ෂකයින් සඳහා පැවති ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම්’ පිළිබඳ පුහුණු පාඨමාලව සහ ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම් උපදේශක’ පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගියදා පැවැත්විණි.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සබැඳි සම්බන්ධීකරණ රැස්වීමක් පවත්වයි
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සහ බංගලාදේශයේ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම අරමුණු කරගත් සම්බන්ධීකරණ රැස්වීමක් සඳහා මිරිස්ස ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණෙන ලදි.
57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021, උත්කර්ෂවත් අයුරින් නිමාවේ
නුදුරු අනාගතයේදී තවත් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට බලාපොරොත්තු දල්වමින් අද (26) සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ‘57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021’ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කොළඹ වාහන ගමනාගමනය නිරීක්‍ෂණය සඳහා පොලිසියට ගුවන් හමුදා සහය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 25) දින කොළඹ ප්‍රදේශයේ වාහන ගමනාගමනය නිරීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී.
ගුවන් හමුදා භටපිරිස් වෙතින් අනුරාධපුර ශික්ෂණ රෝහල සඳහා ලේ දන්දීමක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිර සංචිතයට අවශ්‍ය රුධිරය ලබාදීම සඳහා, ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා පවත්වනු ලැබූ අතර, ගුවන් හමුදා සහ සිවිල් නිලධාරීන් 400කට ආසන්න පිරිසක් ඒ සඳහා දායක වන ලදී.
කුරින්ඥන්කර්නි පාලම අසල නාවික හමුදාවෙන් ආරක්‍ෂිත මගී සේවාවක්
කුරින්ඥන්කර්නි පාලම අසල කලපු ප්‍රදේශයේ මගීන් සඳහා ආරක්‍ෂිත ප්‍රවාහන ක්‍රමවේදයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (25) දින සිට ආරම්භ කරන ලදි.
මඩකලපුව රෝහලේ රුධිර සංචිතය ප්‍රතිපූර්ණයට යුද හමුදා භටපිරිස් දායක වෙයි
මඩකලපුව ශික්ෂණ රෝහලට අවශ්‍ය රුධිර සංචිතය ප්‍රතිපූර්ණය සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් නැගෙනහිර ආරක්‍ෂක සේනාවට අයත් යුද හමුදා සාමාජිකයින් විසින් පවත්වන ලදී.
බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන නිරීක්‍ෂණයට රුසියානු හමුදා නියෝජිත පිරිසක් දිවයිනට
රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවෙහි ඉංජිනේරු හමුදා ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි ප්‍රමුඛ සිව් දෙනෙකුගෙන් යුත් රුසියානු හමුදා නියෝජිතයින් පිරිසක් සිව් දින සංචාරයක් සඳහා ඊයේ (23) දින දිවයිනට පැමිණෙන ලදි.
රණවිරුවන්ට සෙත් පතා 'සඳහිරු ස්ථූප' පරිශ්‍රයේ දී දානමය පිංකමක්
සඳහිරු සෑයේ කොත් වහන්සේ නොවැම්බර් 18 වන දින නිරාවරණය කිරීමෙන් අනතුරුව ඊයේ (නොවැ 19) දින එහි දානමය පිංකමක් (සංඝගත දක්ෂිණාව) පැවැත්විණි..
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1437කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් 17 සහ 18 යන දිනයන්හි මන්නාරම වංකාලපාඩු මුහුදු ප්‍රදේශයේ සහ තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1437කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඔඩ්ඩුසුඩාන් පාසල් වෙත යුද හමුදාවෙන් ජල පිරිපහදු මධ්‍යස්ථාන
සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පාසල් පරිශ්‍ර තුනක ප්‍රතිඅසෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් පසුගියදා ස්ථාපිත කරන ලදී.
අඩු ආදායම්ලාභී මුලතිව් ධීවර පවුල්වල ජීවනෝපාය නඟාසිටුවීමට යුද හමුදා සහාය
ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් පසුගියදා මුලතිව් පිලමන්තල්ලාරු වැවට මත්ස්‍යයින් 75,000ක් මුදා හැර ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.
රුපියල් මිලියන 24ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තුන්දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (නොවැම්බර් 15) දින තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 24ක් වටිනා අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
දකුණු සුඩානයේ ‘SRIMED’ 2 වන අදියරේ රෝහල් කාර්යය මණ්ඩලය වෙත පැසසුම්
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු, ශ්‍රී ලංකා 7 වන කණ්ඩායම විසින් කළමනාකරණය කරනු ලබන දකුණු සුඩානයේ ‘SRIMED’ 2 වන අදියරේ රෝහල පසුගියදා සිදු කරන ලද ඇගයීම් සමාලෝචනයකදී පැසසුමට ලක්ව ඇත. යුද හමුදා මාධ්‍යවලට අනුව, දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ ක්ෂේත්‍ර මූලස්ථානයේ රෝහල් ඇගයීම් තක්සේරුව, එහි සමාලෝචනයේදී දකුණු සුඩානයේ බෝර්හි පිහිටි මෙම වෛද්‍ය පහසුකම් අගය කර ඇත.
යුද හමුදාව ඉහළපළුගස්වැව ප්‍රතිසංස්කරණය කරයි
ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ගල්ගමුව ඉහළපළුගස්වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සිදුකර පසුගියදා නිල වශයෙන් බලධාරීන් වෙත භාර දෙන ලදී.
ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට යුද්ධ හමුදා භටපිරිස් සහන සලසයි
දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාපතනයෙන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශවලින් පීඩාවට පත් වුවන් ඉවත් කිරීම, මුදාගැනීම් සහ සහන සේවා කටයුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ආරම්භ කර ඇති අතර, රටෙහි පවතින අයහපත් කාලගුණය තුළ ගංවතුරෙන් විපතට පත් ජනතාවට මානුෂීය ආධාර ලබාදෙමින් සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටියි.
සඳහිරු සෑය විවෘත කිරීම නොවැම්බර් 18 වැනිදා - ආරක්‍ෂක ලේකම්
සඳහිරු සෑය 2021 නොවැම්බර් 18 වන දින බැතිමතුන්ගේ වන්දනාමනය සඳහා විවෘත කරන බවත් එය මහා සංඝරත්නය වෙත පැවරෙන බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (නොවැ 07) පැවසීය.