රෝගියෙකුගේ වකුගඩුවක සෑදී තිබූ බරින් වැඩිම සහ දිගින් වැඩිම ගලක් සැත්කමකින් සාර්ථකව ඉවත් කර ගිනස් වාර්තාවක් පිහිටුවීමට පසුගිය දා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍යය කණ්ඩායමක් සමත් විය.
දශක හතක සාඩම්බර ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත මේ වනවිට ගුවන් හමුදාපතිවරු 17දෙනෙකු විසින් අණදීම සිදුකර ඇති අතර 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ අණදීම සිදු කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව humble Chipmunk සහ de Havilland DC 1 ගුවන් යානා මගින් සිදුකළ ප්‍රථම ගුවන් ගමනේ සිට මේ වනවිට Mig 27s, Kfir C7s, සහ F-7s යානා දක්වා බොහෝ දුරක් පැමිණ ඇත. 70 දශකය වනවිට සාම්ප්‍රදායානුකූල ගුවන් හමුදාවක් ලෙස පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාව 21වන සියවස වන විට සාර්ථක හා සටන්කාමී නවීන ගුවන් හමුදාවක් බවට පරිවර්තනය වී ඇත.
'ජාතියේ ආරක්‍ෂකයා' ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා යුද හමුදාව සිය 73 වන සංවත්සරය සහ යුද හමුදා දිනය, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් අද (ඔක් 10) පනාගොඩ යුද හමුදා ජනපදෙය්දී හමුදා සම්ප්‍රදායන්ට අනුව අභිමානවත් ලෙස සමරනු ලැබීය.
මුතුරාජවෙල ගිනි ගත්තේය. ඒ පසුගිය 25 වැනිදාය. ගින්න හටගත්තේ වගුර මැදය. යම් පිපිරීමක් සහිතව හටගත් ගින්න වගුර මැද්දේ බුර බුරා නැඟෙන්නට විය. වගුර මැද සිට පැතිරුණු තුනී පස් ස්තරය මත සරුවට වැඩී තිබුණු මානා පඳුරු යටින් ගින්න ඇවිළෙමින් තිබිණි.
පුරා දශක හතරක කාලයක් ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, කිත් යසස් ලබමින්, බහුවිධ දිශානතීන් ඔස්සේ ජාතික ආරක්ෂාව හා තිරසර සංවර්ධන අභිලාෂයන් මුදුන් පමුණුවනු වස්, ඉටුකළ උත්කෘෂ්ඨ ජාතික මෙහෙවර අගයමින් සන්නද්ධ සේවා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා 2022 මාර්තු මස 25 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත ජනාධිපති හා විශ්ව විද්‍යාලයීය වර්ණ පිරිනමනු ලැබීය.
අපේ රටට 2004 වර්ෂයේ බලපෑ සුනාමි ව්‍යසනය අප කාටත් අමතක නොවන සිදුවීමකි. එයින් මෙරට බාල, තරුණ, වැඩිහිටි, මහලු ජනතාව 35,000කට අධික පිරිසක් මියගිය අතර, පුද්ගලයන් 5000කට වැඩි පිරිසක් අතුරුදහන් වූහ.
ගඟේවාඩිය නාවික හමුදා කඳවුරේ කෙළවර කඩිමුඩියේ කඩියන් මෙන් වැඩ කරන නාවික භටයෝ පිරිසකි. කොට කලිසමින් සහ සුදු පැහැ සපත්තු පැලඳගත් ඔවුහු ඈඳි ගනිමින් කිසියම් සුපරික්ෂාකාරී කටයුත්තකය. එක් කෙළවරකින් පුත්තලම් කළපුවත් අනෙක් පසින් රතු දිගු පටු ගුරුපාරත් මැද පුළුල් සෙවණ සහිත නිස්කලංක බිම්කඩෙහි ඔවුන් ලහි ලහියේ සූදානම් වන්නේ තවත් එක් සංග්‍රාමයකටය. මුහුද මෙන්ම ගොඩබිම ද හොඳට හුරු මේ නාවිකයෝ මෙවර ක්‍රියාන්විතය සඳහා තෝරාගෙන ඇත්තේ පුත්තලම කළපුවයි. ඊයේ දිනයට යෙදී තිබුණු නාවික හමුදා දිනයට සමගාමීව ඔවුන් අද අරඹන සංග්‍රාමය හරිත සංග්‍රාමයකි. රට වට බැඳි රන් වැට ලෙස අභිමානයෙන් පිදුම් ලබන මේ සූර වීර නාවිකයෝ පුත්තලම කළපුවේ සැබෑ සොබාවත යළි නඟාසිටුවන්නට අද සිට මහා සංග්‍රාමය අරඹති.
ලෝකයේ ආරක්ෂක හමුදාවන් මේවනවිට යුදමය කාර්යයන්වලට පමණක් සීමා වී නැත. ඔවුන් තම ප්‍රාථමික රාජකාරි ඉටු කරමින් සිටියදීම තම ප්‍රථමික රාජකාරිවලට අමතරව විවිධ වූ රාජකාරීන් ඉටුකරති. ඔවුන් ඒ රාජකාරීන් සඳහා යොමුකරවන්නේ අදාළ කටයුතු සම්බන්ධයෙන් ශික්ෂණයක් සහ පුහුණුවක් ලබා දීමෙන් අනතුරුවයි. ලොව ප්‍රබලතම යුද ශක්තීන් ඇති රටවල මේ වෙනුවෙන්ම වූ ආරක්ෂක විද්‍යායතන බිහිකර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ නම් එක්සත් ජනපද හමුදා විද්‍යාපීඨය, එක්සත් රාජධානියේ නම් එක්සත් රාජධානි හමුදා විද්‍යාපීඨය, වීනයේ ආරක්ෂක ආධ්‍යාපනය සඳහා වූ අන්තර්ජාතික විද්‍යායතනය, ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය, පකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපීඨය, බංගලාදේශ යුද්ධ හමුදා විද්‍යාපීඨය හමුදා නිලධාරීන් වෙත උසස් අධ්‍යාපනය ලබාදෙන ලොව ප්‍රචලිත ආරක්ෂක අධ්‍යයන ආයතන වේ.
තිස් වසරක යුද්ධයක් මානුෂීය මෙහෙයුමකින් අවසන් කර මේවන විට වසර දොළහක් ගතවී අවසන්ය. නමුත් මේවන විටත් බිම් බෝම්බ සහ යුද්ධයේ පිපිරුම් ශේෂවලින් දූෂ්‍යකරණයට ලක්වීම නිසා අපේ ජනජීවිතයට විවිධ ආකාරවලින් බලපෑම් කරමින් සිටිති. එම බලපෑම මෙරට ආර්ථික සාමාජීය මෙන්ම සංස්කෘතික සංවර්ධනයට එල්ල කරන්නේ දැවැන්ත බලපෑමකි. ශ්‍රී ලංකාප ආරක්ෂක හමුදා සහ එල්ටීටීඊ සංවිධානයත් 1987 ජූලි මාසයේ සිට 1990 ජනවාරි දක්වා කාලය තුළ මෙරට රැඳී සිටි ඉන්දීය සාමසාධක බලකායද බිමිබෝම්බ බාවිත කළහ. නමුත් මේවා ඉවත් කිරීමේ කටයුතුවලට විශාල බාධකයක් වී තිබෙන්නේ එල්ටීටීඊ සංවිධානය විසින් කිසිදු සිතියම් ගතකිරීමකින් තොරව ජාත්‍යන්තර යුද නීතීන් පවා උල්ලංඝණය කරමින් සිදුකළ බිම්බෝම්බ ඇතිරීමයි.
“ගමයි පන්සලයි වැවයි දාගැබයි” සංස්කෘතියටත් පෙර වසර දෙදහස් පන්සියයකටත් එහා දිව යන කෘෂි ආර්ථික රටාවකට උරුමකම් කියන ශ්‍රී ලංකාව අදටත් ඉවතලන දණ්ඩ පවා පැළ වෙන සශ්‍රීක ක්ෂේම භූමියකි. කෘෂි කර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ආර්ථිකයක ශ්‍රී විභූතියෙන් ස්වාධීනව ගොඩනැඟුණු ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයත් සමඟ නව මානයකට ගමන් කළේය. ඒ ඔස්සේ අවශ්‍ය අනවශ්‍ය සියලු දේ අසීමිතව රටට ගලා ආවේය. දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික හා තාක්ෂණික වශයෙන් දේශීයව මෙන්ම ගෝලීයව සිදුවූ බලපෑම් මතින් බිහිවුණ නව මිශ්‍ර ආර්ථික රටාව තුළ දේශීය ස්ව්‍යංපෝෂිත ආර්ථිකය දිය වී යන්නට විය. එසේම මිනිසාගේ කෘත්‍රිම මැදිහත්වීම තුළ අසමතුලිත වූ ලෝක ආර්ථික රටාවේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස නුදුරේම ආහාර අර්බුදයක් පිළිබඳ විද්වතුන් අනාවැකි පළ කරමින් සිටි.
ගජබා රෙජිමේන්තුවේ නව පරිපාලන ගොඩනැඟිල්ල විවෘත කළ දින ජනාධිපතිවරයා සමරු සටහනක් තබමින්. වමේ සිට, මේජර් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික), ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරල් සතිෂ් ජයසුන්දර (විශ්‍රාමික) පසෙකින් සිටී.
බාලවියේ සිටියද මහලු වියේ සිටියද මැදි වියේ සිටිය ද කියා වෙනසක් නැත ගුවනේ අහස් යානයක් යන විට කාගෙත් නෙත් මොහොකට හෝ එදෙසට යොමු වීම සුලභ දසුනකි.
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා ගොවිපල සහ යුද්ධ හමුදා කඳවුරු ආවරණය වන පරිදි කෘෂිකර්ම ව්‍යාපෘතීන් ආරම්භ කර පවත්වාගන යනු ලබයි. ඒ අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් හා මඟපෙන්වීම මත යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්‍ෂගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවයින පුරා විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘතීන් දියත් කරන ලදී.
ජෙනරල් ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගෙන් 90% ක් සිවිල් අයවලුන් වන අතර එබැවින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මගින් රටේ නිදහස් අධ්‍යාපනයට කිසිදු බාධාවක් ඇති නොවන බව, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (ජූලි 22) දින පැවසීය.
SInhala.
අප මාතෘභූමියේ පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කළ අතර කලාපීය වශයෙන් අපේ රට ඉදිරියට ගෙනයෑම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. අද වන විට ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුවම දායක වනවා සේම රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් ද අනුපමේය මෙහෙවරක් ඉටුකරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එදා මෙදා තුර තම මාතෘභූමිය වෙනුවෙන් ඉටුකර තිබෙන කාර්යභාරය අතිමහත්ය.
ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳ මේ වන විට ලෝකයේ ඕනෑම පුද්ගලයකු දන්නා තරම්ය. ඔවුන් විසින් සිදු කරනු ලබන මානුෂීය මෙහෙයුම් ඊට හේතු වී ඇත. හමුදාවක් ලෙස දෙන ඕනෑම අභියෝගයක් දක්ෂ ලෙස කළමනාකරණය කරමින් නොබියව ඉටු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව දක් වන සුවිශේෂ දක්ෂතාව ලොව වෙනත් කිසිදු හමුදාවකට නොහැකි තරම්ය.
කොවිඩ් 19 රෝගය පැතිරීම එක්වරම හිස එසවා වේගයෙන් පැතිර ගිය දිස්ත්‍රික්කයක් ලෙස යාපනය හැඳින්විය හැකිය. ඊට හේතු වූයේ උතුරේ බොහෝ සාමාන්‍ය ජනතාවගේ දැනුවත්භාවය අඩුවීමයි. එමනිසා රෝග ව්‍යාප්තිය වැඩිවිය හැකි බවට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම් පවා ලැබී තිබුණි. නාගදීපයේ පැවැත්වීමට නියමිත වූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කිරීමට සිදුවූයේත් උතුරේ බොහෝ ගම්මාන හුදකලා කිරීමට සිදුවූයේත් එම නිසාය. ඒ සමඟම යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසක කොවිඩ් 19 මර්දන එන්නත් ලබාදීමද ආරම්භ කෙරුණි. මේ නිසා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යෙන්ම පැවතිය යුතුම විය.
රජ කාලයෙන් පසු ඉදි වන සුවිසල් දාගැබ
යහපත් සමාජ ජීවිතයක් ගෙන යාම සඳහා පුද්ගලයකු හට අවශ්‍ය සමාජ ඉඩ ප්‍රස්ථාවන් අයිතිවාසිකම් වශයෙන් සරලව විග්‍රහ කළ හැකියි. 1948 දෙසැම්බර් මස 10 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයෙන් පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ මුරගල වශයෙන් සැලකිය හැකි අතර මෙම අන්තර් ජාතික නීතිමය මග පෙන්වීම අනුගමනය කරමින් ලෝකයේ රාජ්‍යයන් තම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම උදෙසා නීති සකස් කර ඇත. නිදර්ශණයක් ලෙස අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සිට 17 දක්වාවූ වගන්ති මගින් ශ්‍රී ලාංකීය පුරවැසියන්හට උරුමවන මූලික අයිතිවාසිකම් පිළිබඳව විග්‍රහ කර ඇත.
පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ජුනි 26 වන දින ඔවුන් රාජකාරියේ යෙදී නොසිටි අවස්ථාවකදී සිදුකල මෙහෙවර අගය කරමින් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් උපහාර හා මුදල් ත්‍යාග පිරිනමා ඇත.
කොරෝනා වසංගත තත්වය හමුවේ මෙරට පාසල් තාවකාලිකව වසා දැමීමට ගත් තීරණයත් සමග අධ්‍යයන කටයුතු නවතා දැමූ ආරක්‍ෂක සේවා විද්‍යාලය දින 115 කට පසු අද දින (ජූලි 06) නැවත ආරම්භ කරන ලදි.
ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ශ්‍රමයෙන් අනුරාධපුරයේ ඉදිකෙරෙන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 68% ක් පමණ නිම කොට ඇත.
කැබිතිගොල්ලෑවේදී සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් බස් රථයක් වෙත එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ සංහාරයන්ගෙන් එකකි.