පුවත් සහ සිදුවීම්   මාධ්‍ය නිවේදන්

මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

“2024 වසර තුල ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය - ඉදිරි දැක්ම සහ අවදානම් ඇගයීම” තේමාව යටතේ විශේෂ සාකච්ඡාවක්

“2024 වසර තුල ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය - ඉදිරි දැක්ම සහ අවදානම් ඇගයීම” යන තේමාව යටතේ ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිලිබඳ ඇගයීම සඳහා වන සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 06) සන්ධ්‍යාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නන්දිමිත්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය කලමණාකරණ මණ්ඩලය විසින් අනුමත කල පරිදි, වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි (MBBS) උපාධි පාඨමාලාව සඳහා අපේක්ෂකයින් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය, විශ්වවිද්‍යාලීය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සහ නිරික්‍ෂකයින් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයින්ගෙන් සමන්විත විය.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ශ්‍රී ලාංකික පුරවැසියන් රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා යෙදවීම සම්බන්ධයෙන්
තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවයි

නීති විරෝධී මාර්ග හරහා රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීම

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා ප්‍රකාශයට පත්කරන ලද පොදු සමා කාලය නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින අධිකාරිලත් නිලධාරීන් සඳහා අදාල නොවන බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින හමුදා පුද්ගලයන් හට සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීම

නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින ත්‍රිවිධ හමුදා පුද්ගලයන් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීම.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

පවතින වියළි කාලගුණික තත්වය සහ කැළෑ ගිනි ගැනීම් පිළිබඳව
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වයි

රටේ පවතින වියළි කාලගුණ තත්ත්වය හා වර්තමානයේ වැඩි වී ඇති කැලෑ ගිනි ගැනීම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් ඊයේ (මාර්තු 13) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රියව දායකත්වය ලබාදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතව වෛද්‍ය හේතූන්මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ වයස අවුරුදු 55 එළඹීමට පෙර මිය ගිය අවස්ථාවක දී, අදාල හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වා ඔවුන්ගේ යැපෙන්නන් වෙත වැටුප් හා දීමනා හිමිගැන්වීම සඳහා අංක අමප/23/2527/603/061 හා 2024.01.24 දිනැතිව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දී සිදු වූ ගුවන් හමුදා හෙලිකොප්ටර් අනතුර: අල්-ෂබාබ් ප්‍රාණ
ඇපකාර සබැඳි චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

සෝමාලියාවට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පසු අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවට එල්ල වන චෝදනා සහ අසත්‍ය ප්‍රචාර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

2023.12.04 දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය හා සබැඳිව මාධ්‍යයන්හි වූ අසත්‍ය ප්‍රචාරය පිළිබඳවයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්‍ෂා කිරීම සඳහා විවිධ අවස්ථාවන්හිදී පැමිණි හමුදා ප්‍රධානින් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් 2022 වර්ෂයේදී විශාල මුදලක් වැය කර ඇති බවට වැරදි අර්ථකථනයක් ලබාදෙමින් මාධ්‍යයන්හි ප්‍රචාරය වූ කරුණුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

පවතින අයහපත් කාලගුණික තත්වය සම්බන්ධයෙන් ගරු ආරක්‍ෂක රාජ්‍ය
අමාත්‍යවරයා විසින් කරන ලද විශේෂ ප්‍රකාශය

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය ඉදිරි දින කිහිපයටත් මේ ආකාරයෙන්ම පවතින බව සහ ඉදිරි දින කිහිපයේ පළාත් කිහිපයකට මිලි මීටර් 100ට අධික වර්ෂාපතනයක් ලැබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පුරෝකථනය කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

ආගමික, රාජ්‍ය සහ වෙනත් ආයතනවලට අනුයුක්ත කර ඇති සිවිල් ආරක්‍ෂක සාමාජිකයින් එම රාජකාරීන්වලට පරිබාහිර ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇතිද යන්න වාර්තාවක් කැඳවයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

පාර දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවර
ගන්නා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයා අදාළ බලධාරීන්ට උපදෙස් දෙයි

පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයවී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට උපදෙස් ලබාදෙන ලදි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාතර දිස්ත්‍රික්කයේ තැන්නපිටහේන කන්ද නාය යයි. ජීවිත හානි නොමැත

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස දියලපේ ගම්මානයේ පිහිටි තැන්නපිටහේන කන්ද ඊයේ (ඔක්. 05) පස්වරු 5 ට පමණ නාය යෑමට ලක්විය.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්‍ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම - 2024 වර්ෂය

ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන විසින් 2024 වර්ෂය වෙනුවෙන් සිය ගිනිඅවි (තුවක්කු) බලපත්‍ර අළුත් කිරීම 2023.10.01 දිනෙන් ආරම්භ වී 2023.12.31 දිනෙන් අවසන් කිරීමට තීරණය කර ඇති අතර, මේ පිළිබඳ තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත හැක. 2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම සිදු නොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

යුද්ධයේදී මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් හට
වැටුප් හා දීමනා ලබාදීම සබැඳිව

පසුගිය යුධ සමයේ පැවති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතුන් මත, ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වන හමුදා සාමාජිකයින් වෙත ඔවුන්ගේ වයස 55 දක්වා සහ ඔහුට සහ ඔහුගේ වැන්දඹු බිරිදට ජිවිතාන්තය දක්වා එම දීමනා එලෙසම හිමිගැන්වීම සඳහා මෙම අමාත්‍යාංශය දැනටමත් අවශ්‍ය විධිවිධාන සලසා ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක අමාත්‍යාංශය: පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි
අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම

ළමුන් සහ විදේශිකයන් ඇතුළු අහිංසක ජීවිත 270 කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත් ලොවම කම්පා කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව භීතියෙන් බලා සිටියහ. මෙම ව්‍යසනයෙන් පසුව, ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පුළුල් පරීක්ෂණ දියත් කළේය. වසර ගණනාවක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කරන ලද මෙම පරික්‍ෂණ තුලින් නිරන්තරයෙන් පෙන්වා දී ඇත්තේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයින් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් අයිඑස්අයිඑස් හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයින් බවයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

යුද්ධයේදී ආබාධිත වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ මියගිය රණවිරු යැපෙන්නන් වෙත
සංශෝධිත සලාක දිමනා හිමිගැන්වීම සබැඳිවයි

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින අයවළුන් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත සංශෝධිත සලාක දිමනා හිමිගැන්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ගෙන යන අතර, අදාල දීමනාව නුදුරේදීම ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

වගා ආරක්‍ෂණය සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව  රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පවසයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ පාසල් මාර්ග ආරක්ෂණ සතියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුව සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මැතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අතර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, මැයි 12 සිට 16 දක්වා දිවෙන එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියට සමගා මීව පා සල් දරුවන් ඉලක්ක කරගත් මෙම මා ර්ග ආරක්ෂණ සතිය පැවැත්වේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද පදනම් විරහිත චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි

සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී සන්නද්ධ හමුදාවේ පිවිතුරුභාවය පිළිබඳ ප්‍රශ්න කරන, යුද හමුදාව වෙතින් නෙරපා දමන ලද අපකිර්තිමත් හමුදා සේවා කාලයක් ඇති හිටපු නිලධාරියෙකු විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයට එල්ල කරන පදනම් විරහිත චෝදනා තරයේ හෙළා දකින ආරක්‍ෂක අමාත්‍යාංශය, එම චෝදනා අසත්‍ය සහ නොමඟ යවන සුළු යැයි ප්‍රතික්ෂේප කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති පිළිබඳව පා.ම. ගරු විමල් වීරවංශ විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්
ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැහැදිලි කිරිම

දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්‍ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්‍ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක රැස්වීම 2022 ජූලි මස 07 දින ඉන්දියාවේ දී පැවති අතර


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති තුවක්කු රජයට භාරදීම සඳහා කාලසීමාවක් ප්‍රකාශයට පත්කිරීම

ආරක්ෂක අමාත්‍යාංශයේ ලිඛිත අවසරයක් (බලපත්‍රයක්) නොමැතිව ලඟ තබාගෙන සිටින සියළුම බලපත්‍ර රහිත තුවක්කු රජයට භාරදීම සඳහා 2023 පෙබරවාරි මස 06 වන දිනැති අංක 2318/02 දරණ ගැසට් පත්‍රය මඟින් 2023.02.06 සිට 2023.03.15 දින දක්වා කාලසීමාවක් ප්‍රකාශයට පත්කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය යනු කාසියක පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතී. සන්නද්ධ හමුදාවන්ගේ වියදම් රජය විසින් දරන අතර ඵය ජාතික සහ මානව ආරක්‍ෂාව සහතික කරමින් ආර්ථික වර්ධනය සඳහා මාර්ග විවෘත කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර විදේශගතව සිටින හමුදා පුද්ගලයින්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කිරීම

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඒකකය වෙත රපෝර්තු කිරිමකින් තොරව 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති පොදු සමාකාලය තුලදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අනුමැතිය ලබා දී ඇත.  


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කිරීම

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා පුද්ගලයන් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා පොදු සමාකාලයක් ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.