වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුරය නීත්‍යානුකූල සේවා දිගුවක් නොමැතිව සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබේ.
මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි කියන පදනම් විරහිත චෝදනා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ප්‍රතික්‍ෂේප කරන අතර, එම මාධ්‍ය වාර්තා වල සඳහන් කරුණු අසත්‍ය බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ එවැනි රැස්වීමක් නොපැවති බවයි.
ප්‍රථමයෙන්ම මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසයි. දැනට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ජන සමූහයන් ඒකරාශී වී දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සංවිධානාත්මකව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතී. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිරූපණය වන පරිදි “සාමකාමී උද්ඝෝෂණයක්” යන තේමාව ඔස්සේ මෙම උද්ඝෝෂණ පැවැත්වීමට සංවිධානය කළද, දැනට පෙනී යන ආකාරයට මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන බව නිරීක්‍ෂණය වේ.
ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඉන්දීය රජය සමඟ මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ඇති බව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත.
මිනිස් ජාවාරම මැඬලීම සඳහා විමර්ශන බලධාරීන් සහ බුද්ධි අංශ සමඟ සෘජු සම්බන්ධීකරණයෙන් වඩාත් ශක්‍තිමත් ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකායේ සභාපතිත්වය මේ වසරේ ජුලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව අධිකරණ අමාත්‍යාංශයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත භාර දෙන ලදි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශය දක්වා ගමන් කරමින් සිටියදී ඉන්ධන හිඟයක් නිසා හදිසි ආපදා තත්වයකට මුහුණ දීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මඩකලපුව වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නැංගුරම් ලා තිබූ බාජ් යාත්‍රාව (බත්තල) කැණීම් කටයුතුවල නිරතව සිටි බවට සමාජ මාධ්‍යවල සහ ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වන විස්තර සත්‍යයෙන් තොර බව ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ එක්ව රුපියල් මිලියන 1575 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 170 කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ විදේශීය ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබියදී සැකකරුවන් 9 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් 18 දින කොළඹ වරායට රැගෙන එන ලදී.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් වෙත ලැබුනු ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පිළිබඳව සඳහන් කරමින් සම්මත ආරක්‍ෂක පියවර ක්‍රියාත්මක වන හෙයින් එම විද්‍යුත් තැපැල් පණිවිඩයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් කලබල හෝ බිය විය යුතු නැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) තහවුරු කළේය.
මෙවර පැවැත්වෙන ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට Virtual තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්වෙයි.
සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි.
එක්සත් ජනපදය විසින් 2021 මැයි මස 24 වන දින, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන්, 2021 ජූලි මස 6 වන දින, 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කර ඇත.
පහළොස් හැවිදිරි දැරියක් අපයෝජනය කළේ යැයි චෝදනාව මත මෑතකදී අත්අඩංගුවට ගත් නාවික හමුදා ශල්‍ය වෛද්‍යවරයාගේ සේවය ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් පියවර ගන්නා ලදි.
තිස්සමහාරාමය තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘතියට අදාළ පෞද්ගලික සමාගමට අයත් චීන ජාතික සේවකයින්, හමුදා කැලෑ නිල ඇඳුමින් සැරසී සිටි බව මාධ්‍ය මගින් ඉස්මතු කර ඇත.
2021 ජුනි 10 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය කනගාටුව පළ කරයි. ‘ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම්’ යන මාතෘකාවෙන් යුත් මෙම යෝජනාවේ අඩංගු කරුණු සාවද්‍යතාවයන්ගෙන් යුක්ත වන අතර, ප්‍රතිසන්ධානය හා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති බහුවිධ ප්‍රගතිය පිළිබඳව සැලකිල්ලට නොගනී.
මාධ්‍ය නිවේදනය
විශ්‍රාම වැටුප් විෂමතාවය පිළිබඳ ආබාධිත සෙබළුන් විසින් සිදුකල මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය :
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සමඟ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් උපදෙස් දී ඇත.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, මහර බන්ධනාගාරයේ ඊයේ (2020 නොවැම්බර් 29) දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සොයා බලන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.
ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික රැස්වීම 2020 නොවැම්බර් 27 සිට 28 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
නීතිවිරෝධී වන සම්පත් විනාශය පිළිබඳව අවධානය යොමු කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ වනාන්තර විනාශය පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් හා දැව කැපීමට පෙර එවැනි උත්සාහයන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බවත්ය.