සඳහිරු සෑය පුවත්
“සඳහිරු මහ සෑ පොසොන් කලාපය” අනුරාධපුර පුදබිම ආලෝකමත් කරයි
ඓතිහාසික අනුරාධපුර පුජා නගරයේ සඳහිරු මහා සෑය කේන්ද්‍ර කොටගෙන පවත්වනු ලබන සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුනි 21) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
ආරක්‍ෂක අමාත්‍යංශයේ මුලිකත්වයෙන් පොසොන් පොහෝ දින
විශේෂ වැඩසටහන් මාලාවක් අනුරාධපුර දී...
රට ජාතිය වෙනුවෙන් තම දිවි කැප කළ අභීත රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කිරීමත්, රට දැය සමය රැකගැනීමට සටන් වැද රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ට ඉක්මන් සුවය පැතීමත්, ලක්වාසී සියලු වැසියන්ට සෙත් පැතීමත් අරමුණු කරගනිමින් දාන, ශීල සහ භාවනාදී පින්කම් මාලාවක් අද (ජුනි 21) පොසොන් පුර පසළොස්වක පොහෝ දින ඓතිහාසික අනුරාධපුර සඳහිරු මහා සෑය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
“සඳහිරු මහා සෑ පොසොන් කලාපය” එළඹෙන පොසොන් පොහෝ දින
අනුරාධපුර සඳහිරු සෑය පරිශ්‍රයේ දී
මෙවර පොසොන් පොහොය නිමිති කොට ගෙන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්‍ෂණයෙන් හා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් යුතුව පැවැත්වීමට නියමිත 'සඳහිරු මහා සෑ පොසොන් කලාපය' ජුනි මස 21 වන පොසොන් පොහෝ දින සන්ධ්‍යාවේ අනුරාධපුර සඳහිරු සෑය පරිශ්‍රයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සුරතින් විවෘත කෙරෙන අතර, මෙම පොසොන් කලාපය ජුනි මස 30 වන දින දක්වා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
‘සඳහිරු සෑය පුණ්‍ය භාරය’ අනුරාධපුර මහ රෝහලට
රුධිර පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි
රටේ යුද්ධය පැවති සමයේ එවකට යුද පෙරමුණේ දී බරපතල තුවාල ලැබූ සෙබළුන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා උදාර සේවයක් ලබා දුන් හමුදාවට සුවය දෙන නිවහනක් වූ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් තමන්ද දෙවරක් ප්‍රතිකාර ලබා ගත් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සිහිපත් කරන ලදි.
උත්කර්ෂවත් පොසොන් භක්ති ගීත සඳහිරු සෑය අභියස
දේශයේ උදාරතර හමුදා රණවිරුවන්හට ඉහළම උපහාර පිරිනැමීම උත්තමාචාරය පිරිනමමින් විශේෂ ‘පොසොන් භක්ති ගීත’ වැඩසටහනක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් සඳහිරු සෑ පරිශ්‍රයේදී ඊයේ (ජුනි 03) සවස පැවැත්විණි.
රටට සෙත් පතා සඳහිරු සෑය අභියස දී පිරිත් සජ්ඣායනාවක්
රටට, ජනතාවට, ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ට සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද පතා වාර්ෂිකව පැවැත්වෙන ‘ජය පිරිත්’ සජ්ඣායනාව මහා සංඝරත්නය විසින් සඳහිරු සෑය අභියසදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගීත්වයෙන් සිදුකළ අතර, අද (21) උදෑසන මහ සංඝරත්නය වෙත දානමය පිංකම් සමඟින් එම ආගමික කටයුතු අවසන් කරන ලදි.
සඳහිරු සෑයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ
අනුරාධපුර සඳහිරු සෑයේ නව පරිපාලන ගොඩනැගිල්ල ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතින් අද (ජනවාරි 28) විවෘත කෙරිණි.
ආරක්‍ෂක ලේකම්වරයා සඳහිරු සෑයේදී මහා සංඝරත්නයට
කඨින වස්ත්‍ර පූජා කරයි
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේදී අද (නොවැම්බර් 04) මහා සංඝරත්නය වෙත කඨින වස්ත්‍ර පූජා කරන ලදි.
සඳහිරු සෑ මළුවේ ‘ඝාණ්ඨාරය’ විවෘත කෙරේ
සඳහිරු සෑය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ගාමක බලවේගය වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අනුරාධපුර විහාරස්‌ථානයට පැමිණ ආගමික ආශිර්වාද මධ්‍යයේ අභිනවයෙන් ඉදිකරන ලද ඝණ්ඨාරය බැතිමතුන් වෙත ඊයේ (ඔක්‌තෝබර් 22) පවරා දුන්නේය.
සඳහිරු සෑ පරිශ්‍රයේ අටවිසි බුද්ධ ප්‍රතිමා නිරාවරණය කෙරේ
අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේ අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු 5) සවස පැවැති උත්සවයකදී සිදු කෙරිණි.
සඳහිරු සෑ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ
පුණ්‍යෙත්සවය මාර්තු 5 වනදා
සඳහිරු සෑ පුදබිමේ තැන්පත් කිරීමට නියමිත අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා රැගත් රථ පෙරහැර මාර්තු මස 4 වන සිකුරාදා උදෑසන 9.00ට මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයෙන් ආරම්භ කෙරේ.
“සඳහිරු සෑ රදුන්” ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ …
අනුරාධපුර “සඳ හිරු සෑ රදුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
සඳහිරු සෑය විවෘත කිරීම නොවැම්බර් 18 වැනිදා - ආරක්‍ෂක ලේකම්
සඳහිරු සෑය 2021 නොවැම්බර් 18 වන දින බැතිමතුන්ගේ වන්දනාමනය සඳහා විවෘත කරන බවත් එය මහා සංඝරත්නය වෙත පැවරෙන බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (නොවැ 07) පැවසීය.
සඳහිරු සෑයේ කොත්වහන්සේ අඟහරුවාදා දින මහනුවර ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමය වෙත වැඩම කෙරේ
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 12) දින ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමය වෙත වැඩමකිරීමට නියමිතයි.
සඳහිරු සෑය ව්‍යාපෘතිය ජනාධිපති ගේ නිරීක්ෂණයට
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (ඔක් 09) දින අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම් සහ නියමිත වැඩ කටයුතු නිරීක්ෂණය කළේය.
සඳහිරු සෑයේ කොත්වහන්සේ වැඳපුදා ගැනීමට දැන් අවස්ථාව
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 05) දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වෙත වැඩමකිරීමට නියමිතයි.
සඳහිරු සෑය 2021 නොවැම්බර් මාසයේදී බැතිමතුන්ගේ වන්දනාවට - ආරක්‍ෂක ලේකම්
සඳහිරු සෑය ඉදි කිරීමේ ක්‍රියාවලියේ අවසන් අදියරෙහි කටයුතු සම්බන්ධ කරුණු ගෙනහැර දක්වමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසුයේ, මෙම පූජනීය ස්ථූපය මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනතා අයිතියට පැවරෙන බවයි.
ආරක්‍ෂක ලේකම් සඳහිරු සෑය ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්‍ෂණය කරයි
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අනුරාධපුර සඳහිරු සෑය ඉදිකිරීම් භූමියේ නිරීක්‍ෂණ චාරිකාවකට අද (අගෝස්තු 29) එක්වෙමින් ඒ හා අනුබද්ධ විවිධ ව්‍යාපෘති වල නියමිත වැඩ වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කරන ලදි.
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ
පසු ගිය දින කිහිපයේ රට පුරා පෙරහැරින් වැඩම කරන ලද සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය, මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය ඊයේ පැනවීමත් සමග අද (අගෝස්තු 21) දින සිට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර පානදුර රන්කොත් විහාරයට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (20) හොරණ කුරුඳුවත්ත මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර හොරණ කුරුඳුවත්ත මහා විහාරයට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (19) අත්තනගල්ල රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අත්තනගල්ලට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (18) වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර වට්ටාරමට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (17) වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අද වාරියපොළට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (16) උදෑසන නා උයන ආරණ්‍යයෙන් ගමන් ආරම්භ කරන ලදි.