සඳහිරු සෑය පුවත්
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කුරුණෑගලින් පිටත් වේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (15) උදෑසන ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙනින් ගමන් ආරම්භ කරන ලදී.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අද කුරුණෑගලට ලඟාවේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (14) උදෑසන තෝලංගමුව රජ මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අද වරකාපොල හරහා ගමන් කෙරේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (13) උදෑසන ගම්පහ සාම විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කැලණිය රජ මහා විහාරයෙන් පිටත් වේ
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (12) උදෑසන කැලණිය රජ මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.
සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර කොරතොට රජමහා විහාරයෙන් පිටත්වේ
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (11) උදෑසන කොරතොට රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.
සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර තුන්වන දිනටත් ආරම්භ වේ
සඳහිරු සෑයේ ‘කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය’ රැගත් පෙරහැර අද (අගෝස්තු 10) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලදි.
සඳහිරු සෑයේ 'චූඩා මාණික්‍ය' සහ 'කොත්වහන්සේ' බැතිමතුන් හට වැඳ පුදා ගැනීම සඳහා හෙට දින කොරතොට රජමහා විහාරය වෙත වැඩම කෙරේ
සඳහිරු සෑයේ පූජණීය කොත්වහන්සේ හා චූඩා මාණික්‍ය රැගත් පෙරහැර කොළඹ නගරයේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඊයේ (08) සවස බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට වැඩම කරවන ලදි.
සඳහිරු සෑයේ 'චූඩා මාණික්‍ය' සහ 'කොත්වහන්සේ' බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා බෙල්ලන්විල රාජමහා විහාරයේ තැන්පත් කෙරේ
සඳහිරු සෑයේ පූජණීය කොත්වහන්සේ හා චූඩා මාණික්‍ය රැගත් පෙරහැර කොළඹ නගරයේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව අද (08) සවස වනවිට බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට වැඩමවන ලදි.
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් පෙරහැර ගමන් අරඹයි
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් පෙරහැර දිවයින පුරා වීදි සංචාරය කිරීම අද (අගෝස්තු 8) දින උදෑසන සුභ මොහොතින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ විමට නියමිතයි.
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශණය ගංගාරාමය විහාරස්ථානයෙන් ඇරඹේ
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශණය කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (අගෝස්තු 5) දින ආරම්භ විය.
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය නුදුරේදීම
සදහිරුසෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මහජනයාට වැඳ පුදා ගැනීම උදෙසා පෙරහැරක් මගින් රට පුරා ප්‍රදර්ශනය කිරීම 2021 අගෝස්තු මස 8 වන දින ආරම්භ කරන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය.
ආගමික ආශිර්වාද මධ්‍යයේ සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කෙරේ
ශ්‍රී ලංකා ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ඓතිහාසික අනුරාධපුර පූජා නගරයේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු හා පූජනීය ධාතූන්වහන්සේලා තැන්පත් කිරීමේ පුන්‍යෝත්සවය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාදය මධ්‍යයේ අද (මාර්තු 28) දින සඳහිරු සෑ පරිශ්‍රයේදී පැවැත්විණි.
සඳහිරු සෑයේ හතරැස් කොටුව සඳහා නිධන් වස්තු
ඩීපී ජයසිංහ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිල්ෂාන් ජයසිංහ මහතා අද (මාර්තු 26) දින පූජනීය සඳහිරු සෑයෙහි තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු රාශියක් භාර දුන්නේය.
සඳහිරු සෑයට නිධන් වස්තු පූජා කිරිමේ මහඟු අවස්ථාව තවත් දින 6ක් පුරා
අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු විශාල ප්‍රමාණයක් පසුගිය තෙදින තුළ ලැබී ඇති අතර එළඹෙන මාර්තු 27 වන දින තෙක් තවත් දින 6ක් පුරා රට පුරා බැතිමතුන්ට නිධන් වස්තු පූජා කිරීමට අවස්ථාව සලසා දී ඇත.
සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා මහජනතාවට අවස්ථාව
සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය එළඹෙන මැදින් පුරපසලොස්වක පොහොය යෙදෙන මාර්තු 28 දින සිදුකෙරෙන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසා සිටී.
මිහිඳු මහා සෑයෙහි පෙර පැවති ශ්‍රී විභූතිය ළඟදීම යලිත් වරක් දැකගත හැකිය - ආරක්ෂක ලේකම්
වසර අවසන් වනවිට සඳහිරු සෑය වන්දනා කිරීම සඳහා බැතිමතුන්ට අවස්ථාව.
ආරක්ෂක ලේකම් සඳහිරු සෑය ව්‍යාපෘතිය නිරීක්ෂණය කරයි
නියමිත කාල සීමාව තුල සඳහිරු සෑය ඉදිකර අවසන් කිරීම සඳහා වැඩ කාල සටහනට අනුව ඉදිකිරීම් කටයුතු සිදුකරන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ව්‍යාපෘතිය සදහා අනුයුක්ත කර ඇති සියලුම පාර්ශවකරුවන්ට උපදෙස් ලබා දුන්නේය.
සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරක්ෂක ලේකම්ගේ පරීක්ෂාවට
අනුරාධපුරයේ සඳහිරු ස්ථූපය ඉදිකිරීම් ස්ථානයට ඊයේ (නොවැ. 14) පැමිණි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා එහි කරගෙන යනු ලබන ඉදිකිරීම් කටයුතු වල වර්තමාන තත්ත්වය පිළිබඳව සහ ප්‍රගතිය පරීක්ෂා කරන ලදී.
‘සඳහිරු සෑයේ’ හතරැස් කොටුව ඉදිකිරීම සඳහා සුභ මොහොතින් පළමු ගඩොල තබයි
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ අනුරාධපුර ‘සඳහිරු සෑයේ’ හතරැස් කොටුව (ඉහළ මණ්ඩපය) ඉදිකිරීම සඳහා පළමු ගඩොල තැබීම සඳුදා (25) දින සිදු විය.