අඩුආදායම් ලාභි පවුලක් සඳහා නව නිවසක්

ජනවාරී 14, 2019

කිලිනොච්චි මනික්කපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා කිලිනොච්චි භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නව නිවසක් ඉදිකර බාරදෙන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. හොරණ, තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම විසින් මෙම නව නිවාස ඉදිකිරිම සඳහා මූල්‍යම දායකත්වය ලබා දී ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි 10) මානික්කපුරම් හි පවතී චාම් උත්සවයක දී අදාළ පවුල වෙත මෙම නිවාස බාරදෙන ලදී. යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම නිවාස මාස හයක් වැනි කෙටි කාලයක් තුල ඉදිකර අවසන් කර ඇත.

මේ අතර, උතුරු ප්‍රදේශයේ ගංවතුරින් පිඩාවට පත් ජනතාව වෙත වියලි ආහාර ද්‍රව්‍ය සහ පාසල් සිසුන් වෙත පාසල් උපකරණ තොගයක් බෙදාදීමේ කටයුත්තක් සඳහා ද යුද්ධ හමුදා භටපිරිස් පහසුකම් සලසා ඇත.