රු. මිලියන 12,500 වටිනා මෙතෙක් ලබා ඇති විශාලතම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාව විසින් අත්අඩංගුවට
මාර්තු 31, 2020ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර (SLNS SAYURA) මගින් 2020 මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 0930 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463ක් පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි.
සැකකටයුතු යාත්‍රාව 2020 මාර්තු 28 දින උදෑසන සොයාගත් අතර මෙම විදේශීය යාත්‍රාව රාජ්‍යක ධජයක් රහිතව ජාත්‍යන්තර මුහුදේ දී නිරීක්ෂණය කර, එය පරීක්ෂාවට ලක් කල අතර, එහි තිබී අයිස් (ICE) නම් මත්ද්‍රව්‍ය 500 kg පමණ වන ප්‍රමාණයක් ද, කොකේන් ලෙස සැක කරන මත්ද්‍රව්‍ය 500 kg ප්‍රමාණයක් ද සොයාගන්නා ලදී.
තවද එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද ඇති බව වාර්තා වේ. ඒවායේ වීදී අගය (Street Value) මත මූල්‍යමය වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති අතර, පොදුවේ සියල්ලම ගත් කල රුපියල් මිලියන 12,500 ට අධික වේ යැයි අනුමාන කෙරේ.
මෙම විදේශීය යාත්රාවව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ සඳහා අප්‍රේල් මස 01 වන දින දික්ඕවිට වරායට ගෙන දැඩි පරීක්ෂාවකට පත් කිරීමට රැගෙන ඒමට නියමිතය.
මෙය ගතවූ මාස 02 තුල ජාත්‍යන්තර මුහුදේ දී ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී අත් අඩංගුවට ගත් 03 වන විදේශීය යාත්‍රාව වේ. මීට පෙර පෙබරවාරි මස 22 සහ 25 දින මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් හා එයින් ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ශ්‍රී ලාංකීය ධිවර යාත්‍රාවක් අත් අඩංගුවට ගත් අතර, විදේශිකයින් 16 හා ශ්‍රී ලාංකිකයින් 05 කුත්, මුහුදේදී ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 06 ක් දකුණු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලදී.
මෙලෙස මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව චනද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබේ. මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ මෙන්ම දේශීය කොටස්කරුවන් පසුපස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත.