මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කරයි

අප්‍රේල් 16, 2020

වියළි සලාක බෙදා හැරීම වැඩි කිරීමට සහ දිවයිනට ආපසු පැමිණීමට නොහැකි වූ සංක්‍රමණිකයින්ගේ ක්ෂණික ගැටළු වලට විසදුම් ලබා දීම සදහා අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ.

“මෙය COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල් මෙහි පැමිණීම සඳහා දැනට වසා දමා ඇති හෙයින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට නොහැකි සංක්‍රමණිකයින් මුහුණ දෙන ක්ෂණික දුෂ්කරතා මඟහරවා ගැනීමට මෙය උපකාරී වේ,” මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසයි.

මේ අතර මැද පෙරදිග රටවල සිටින ලියාපදිංචි වූ සියලුම සංක්‍රමණික සේවකයින්ට ‘කම්කරු සුභසාධන අරමුදල’ හරහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය තීරණය කර තිබේ. මෙම පියවර ආරම්භ කර ඇත්තේ අදාළ දූත මණ්ඩල සහ විදේශ අමාත්‍යාංශය විසින් වෙන් කරන ලද අරමුදල් මගින් ලබා දෙන ආධාරක පියවරයන්ට අමතරව ය.

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පවත්වන ලද සාකච්ඡාවකදී සංක්‍රමණික සේවකයන් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා වන ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව එහි දී සාකච්ඡා කරන තිබේ.

 

සමහර ශ්‍රමිකයින්ට ඔවුන්ගේ මූලික ජීවන තත්වයන් පවත්වා ගැනීමට නොහැකි වීමත්, එම නිසා මෙරට වෙසෙන ඔවුන්ගේ පවුල්වලට සහාය විය හැකි ආකාරයන් පිලිබදව සොයා බලමින් සිටි.

 

 

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ රතු ක්‍රෙසන්ට් සමිතිය වැනි බහුපාර්ශ්වික සංවිධානවලින් සමහර රටවල ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සහන ක්‍රියාමාර්ග ගෙන තිබේ. ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය  දූත මණ්ඩල හරහා සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අමතර සහාය ලබා දෙන ලෙස ජිනීවාහි පිහිටි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) සහ ජාත්‍යන්තර රතුකුරුස සම්මේලනය (IFRC) වෙතින් ඉල්ලා සිටී.

 

Full statement of the media release : https://www.mfa.gov.lk/foreign-ministry-and-slbfe-assist-sri-lankans-in-the-middle-east/