පාස්කු ඉරිදා සැමරුම නිවෙස්හිදී පැවැත්වීමට නියමිතය

අප්‍රේල් 17, 2020

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළ සියලුම මහජන සැමරුම් උත්සව අවලංගු කරන බව නිවේදනය කරමින් කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ (අප්‍රේල් 16) දින සඳහන් කළේ මහජන සහභාගීත්වයෙන් තොරව සියලු සැමරුම් උත්සව පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

මාධ්‍ය හමුවකදී මහජනයා අමතමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසා සිටියේ දිවයින තුල කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට තීරණය කර ඇති බවත් එබැවින් මහජන සහභාගීත්වයකින් තොරව වැඩසටහන් සිදුකරන බවත්ය.

බොහෝ දෙනෙකු මෙම ඛේදජනක සිදුවීමට ගොදුරු වී ඇති හෙයින්, ආගම කුමක් වුවත්, මෙම සැමරුම සදහා  සෑම පුද්ගලයෙකුගේම සහභාගීත්වය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

මෙම සිදුවීම සංකේතවත් කිරීම සඳහා කොළඹ අගරදගුරු තුමා අප්‍රේල් 21 වන දින පෙ.ව. 8.45 ට සියළුම පල්ලිවලින් සීනුව නාද කරන ලෙස සහ සියලුම විහාරස්ථානවලටද මේ සමග එකතු වන ලෙස ඉල්ලා සිටියේය

පහසු ස්ථානයක ඉටිපන්දමක් / පහනක් දල්වා ඉන්පසු ආගමික වතාවත් සිදුකරන කරන ලෙස කාදිනල්තුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.