ආරක්‍ෂක අමාත්‍යංශයිය සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංචාරයක

ජුනි 03, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයිය සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය වන සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය සඳුදා (ජූනි 03) දින කොළඹ පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංචාරයක නිරත විය. පසුගිය මාසයේ (මැයි 27) අග භාගයේ දී ආරක්‍ෂක අමාත්‍යංශයිය සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව එතුමිය විසින් මෙම පාසලෙහි සිදුකල ප්‍රථම සංචාරය මෙයයි.

කොම්පඤ්ඤවීදියේ පිහිටි පාසල වෙත පැමිණි කොට්ටෙගොඩ මහත්මිය, විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු කාර්යමණ්ඩලය විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී. පාසල මුහුණදෙන දුෂ්කරතා සහ එහි අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බැලීම සඳහා එතුමිය මෙම සංචාරයේ නිරත විය. එතුමියගේ සංචාරය අතරතුර දී පාසල් බලධාරීන් සමග සුහද සාකච්ඡාවක් පැවත්විමට ද කටයුතු කර ඇත.