ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබලාට කොරොනා වෛරසය අසාදිත බව පරීක්ෂණ මගින් තහවුරු වේ

අප්‍රේල් 27, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ   සංගීත කණ්ඩායමේ ගුවන් භටයෙකු  COVID -19 අසාදිත බව   අද (අප්‍රේල් 27) සිදු කළ පරීක්‍ෂණයක් මගින්  තහවුරු වී ඇත.

රෝගියා වහාම අංගොඩ  බෝවන රෝග විද්‍යාතන රෝහලට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ පැවසීය.

මේ අතර, කටුනායක පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මුළුමනින්ම වසා දමා ඇති බවට පැතිර යන වැරදි තොරතුරු ඔහු ප්‍රතික්ෂේප කළේය. රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ අවශ්‍ය සියලු පූර්වාරක්‍ෂක සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බව ඔහු පවසා  සිටියේය.