බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් පස් දෙනෙකු මධ්‍යස්ථානයෙන් පිටව යයි

අප්‍රේල් 27, 2020

ශ්‍රී ලංකා නාවික හමුදා බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේදී  දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අද (අප්‍රේල් 27) දින තවත් පුද්ගලයින් පස් දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇත.

ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කල බව සදහන් කරමින් නාවික බලධාරීන් විසින් PCR පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත නිරෝධායන සහතිකය ලබා දෙන ලදී.

තවත් පුද්ගලයින් 64 දෙනෙකු එම මධ්‍යස්ථානයේදී නිරෝධායන ක්‍රියාවලියට භාජනය වෙමින් සිටි.