නාවික හමුදාව විසින් නිශ්පාදනය කල තෙවන “මෙඩි මේට්” යන්ත්‍රය මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට

අප්‍රේල් 27, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවර්ධනය කරන ලද දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන  ස්වයංක්‍රීය උපකරණයක් වන “මෙඩි මේට්” යන්ත්‍රය අද (අප්‍රේල් 27) දින මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දෙන ලදී.

මිට පෙර නිෂ්පාදනය කරන ලද මෙඩි මේට් රොබෝවරු දෙදෙනෙකු ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්,මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සදහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර දෙන ලදී.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට මෑතකදී හඳුන්වා දුන් මෙම නව උපකරණය මඟින් නියමිත ඖෂධ ලබා දෙන අතරම රෝගීන් සමඟ සියලු භෞතික සම්බන්ධතා ඇති කර ගැනීම සිදු කරයි.යන්ත්‍රය සමඟ සම්බන්ධ වීමට පෙර රෝගියාව විෂබීජහරණය කිරීමේ හැකියාව ද යන්ත්‍රය සතුව ඇත.