සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් උතුරු මැද පළාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ශල්‍ය ඇදුම් කට්ටල පරිත්‍යාග කරයි

මැයි 02, 2020

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මසා නිම කරන ලද ශල්‍ය ඇදුම් කට්ටල 575 කට වඩා වැඩි ප්‍රමාණයක් පසුගියදා (අප්‍රේල් 29) උතුරු මැද පළාත් ප්‍රාදේශීය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්ගේ උපදෙස් මත උතුරු මැද පළාත් ප්‍රාදේශීය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය  විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව අනුරාධපුර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ඇගලූම් කම්හලේදී ශල්‍ය ඇදුම් කට්ටල 575 ක් මසා නිමකරන ලද බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් අධ්‍යක්ෂක කර්නල් නිශාන්ත රත්නසිංහ defence.lk වෙත පැවසීය.

COVID-19 ට එරෙහිව සිදුකරන ජාතික කාර්යයට සහාය දැක්වීම සඳහා සිදු කල කෙටි දැනුම්දීමකදී මෙම ඇදුම් කට්ටල පරිත්‍යාගය සිදු කරන ලද බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.