ICTA මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට online ක්‍රමයට වැඩ කිරීමේ පහසුකම් සලසයි

මැයි 02, 2020

•    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයදුම්පත් 500 කට වඩා ලැබී ඇත.

online ක්‍රමයට වැඩ ඇරැඹීමත් සමඟ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයදුම්පත් 500 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් හඳුන්වා දී ඇති නව මෙහෙයුම් පද්ධතිය හරහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගේ අයදුම්පතක් අන්තර්ජාලය මගින් ඉදිරියට සැකසීම පිළිබඳව පරික්‍ෂණ කර ඇත.

මෙම සාකච්ඡාව රාජ්‍ය පරිපාලනය, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි, විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් ඩයස් සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ, ආරක්‍ෂක හමුදා සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නිලධාරීන් meet.gov.lk හරහා සිදුකර ඇත.