තවත් පුද්ගලයින් 84 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවෙයි

මැයි 02, 2020

නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 84 දෙනෙකු අද (මැයි 02) දින නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, පුනානි හි ‘Brandix’නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 79 දෙනෙකු සහ වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

එම මධ්‍යස්ථානයන්හිදී මෙම පුද්ගලයන් වෙත  දින 21 ක නිරෝධායන ක්‍රියාවලියක් සදහා අවශ්‍ය පහසුකම් ලබා දී ඇත.