කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 160 ක් වාර්තා වී තිබේ

මැයි 03, 2020

කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 160 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් සහිත දිස්ත්‍රික්ක හතර ඇතුලත කොළඹ දිස්ත්‍රික්කයද වේ. ගම්පහ, කළුතර සහ පුත්තලම අනෙකුත් දිස්ත්‍රික්කයි.