යාපනය භට පිරිස් අවශ්‍යතා සහිත අය අතර වියළි සලාක සහ ඇඳුම් බෙදා දෙයි

මැයි 03, 2020

යාපනයේ ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමය අච්චුවේලි හි 511 බලසේනාව, සමග සම්බන්ධතාවයෙන් කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් පීඩාවට පත් දිළිදු පවුල් වෙත සිකුරාදා (මැයි 01) දින  වියළි සලාක පාර්සල් බෙදා හැරීම සිදු කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීයගේ සම්බන්ධීකරණයෙන් ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමයේ සහෝදරියන්ගේ අනුග්‍රහයෙන් සාවල්කට්ටු ප්‍රදේශයේ ප්‍රතිලාභී පවුල් වෙත ලබා සහනාධාර පාර්සල් ලබා දී ඇත.

මේ අතර, යාපනය අර්ධද්වීපයේ වසංගතයෙන් පීඩාවට පත් ප්‍රජාවේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ගුරුනගර්හි ස්ථාපිත 6 වන ශ්‍රි ලංකා සංඥා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ගුරුනගර් සහ සින්නකඩෙයි ප්‍රදේශවල වෙසෙන අවශ්‍යතා සහිත පවුල් වෙත නිමි ඇඳුම් පරිත්‍යාග කරන ලදි.