පුද්ගලයින් 4917 දෙනෙකු නිරෝධායන අවසන් කර නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත

මැයි 03, 2020

පුද්ගලයින් 11 දෙනෙකු අද (මැයි 03) දින නිරෝධායන අවසන් කර පිටවයාමත් සමඟ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ඇති මුළු සංඛ්‍යාව 4,917 දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයන් නව දෙනෙකු ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ දෙදෙනෙකු වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇත.

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන  නිරෝධායන මධ්‍යස්ථාන 36 ක පුද්ගලයින් 4,635 ක් මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටී.