ශ්‍රී ලංකා නාවික හමුදාව පුපුරා නොගිය කාලතුවක්කු උණ්ඩයක් සොයා ගනී

මැයි 03, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී (මැයි 01) නච්චිකුඩා  වෙරළ තීරයේ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ තිබී පුපුරා නොගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් සොයා ගන්නා ලදී.

උතුරු මැද නාවික විධානයේ වෙරළ නිරීක්ෂණ රාජකාරියේ යොදවා සිටි නාවිකයින් විසින් මල බැදී තිබු කාලතුවක්කු උණ්ඩය සොයා ගෙන ඇත. මානුෂිය මෙහෙයුම් පැවැති සමයේදී එල්ටීටීඊය විසින්  එය භාවිතා කර ඇතැයි සැක කෙරේ. මේ පිළිබද ඉදිරි පරීක්ෂණ කටයුතු කිළිනොච්චිය පොලිසිය විසින් සිදු කරයි.