ශ්‍රී ලංකා ගුවන් හමුදා සීබීආර්එන්ඊ අංශය ලන්දේසි නැව් කාර්ය මණ්ඩලයක් විෂබීජහරණයට ලක් කරයි

මැයි 04, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ , රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (CBRNE) අංශය අද (මැයි 03) දින ගාල්ල වරාය වෙත පැමිණි ලන්දේසි නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් 236 දෙනෙකු විෂබීජහරණයට ලක් කර තිබේ.

ගාල්ල වරාය වෙත පැමිණි ලන්දේසි නැවකට  ආදේශක කාර්ය මණ්ඩලයක් ලෙස මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය නෙදර්ලන්තයේ සිට විශේෂ ගුවන් යානයකින් මත්තල  රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත  පැමිණියේය.

මේ අතර, අද රාත්‍රියේ එම ගුවන් යානයෙන්ම ලන්දේසි ජාතිකයින් 53 දෙනෙකු මෙරටින් පිටත්ව යාමට නියමිතය.