ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර වීමේ අවසරය අදාළ වේ.

මැයි 04, 2020

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පමණක් අත්‍යවශ්‍ය හේතුන් මත නිවසින් පිටට යන විට ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන බව ඊයේ (මැයි 03) දින ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ඇඳිරි නීතිය ඉවත් කළ විට අලුතින් හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමය අදාළ නොවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. කෙසේ වෙතත් අගුලු දමා අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොමැති බව ඇඳිරි නීති නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත.