එක්සත් රාජධානියේ සිටින මෙරට සිසුන් රැගෙන ඒමට ගුවන් ගමන් වාර තුනක්
මැයි 04, 2020එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගත් යූඑල් 504 ගුවන් යානය අද (අප්‍රේල් 4) අලුයම 3.35 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල කාර්යභාර කළමනාකරු සමන් පෙරේරා defence.lk වෙත ප්‍රකාශ කළේය.
අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත්ව ගිය යූඑල් 503 ගුවන් යානය එක්සත් රාජධානියේ සිට දෙවන සිසුන් කණ්ඩායම රැගෙන මෙරටට පැමිණෙනු ඇත. මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අය රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් යානයක් නැවතත් එරටට පිටත්කර යැවීමට සැලසුම් කර ඇති බවද පෙරේරා පැවසීය.
ඔවුන් මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපලේදී විෂබීජහරණය කිරීමේ ක්‍රියාවලියකට ලක් කිරීමෙන් පසුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කෙරේ.