ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ යයි

මැයි 04, 2020

කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක් අද දින මියයාමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අටක් දක්වා ඉහළ ගොස් තිබේ.

කුරුණෑගල, පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මෙම කාන්තාව වකුගඩු රෝගියෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඇය හෝමාගම රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියාය.