නිරෝධායනය අවසන් කළ 129 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද සිය නිවෙස් බලා පිටත් වෙයි

මැයි 04, 2020

මාදුරුඔය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු පාසලේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බුස්ස  නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කල පුද්ගලයින් 129 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

ඔවුන් දින 21 ක කාලයක් නිරෝධායනය ක්‍රියාවලියට ලක් වූ අතර මධ්‍යස්ථානවලින් පිටවීමට පෙර අදාළ වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලදී.

නිරෝධායන සහතිකද ලබා දුන් මෙම කණ්ඩායමට යුද්ධ හමුදාව විසින්  ආහාර සහ බේරුවල, මරදාන සහ මාලිගාවත්ත යන නගර සදහා ප්‍රවාහන පහසුකම්ද ලබා දෙන ලදී.

එම පිරිස සිය නිවෙස් බලා පිටත්ව යන මොහොත සදහා යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක  බ්‍රිගේඩියර් දීපාල් පුස්සැල්ල සහ නිරෝධායන මධ්‍යස්ථානයන්හි අණදෙන නිලධාරින් එක් වුහ.