ලන්ඩනයේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

මැයි 04, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත පසුගිය ඉරිදා ලන්ඩනයේ සිට මෙරටට රැගෙන ආ  ශ්‍රී ලාංකිකයින් 208 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්  නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යූඑල් 504 විශේෂ ගුවන් යානය  ලන්ඩනයේ සිට මෙරටට රැගෙන ආ පිරිස මුලික  වෛද්‍ය පරීක්‍ෂණවලින් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයින් එක්සත් රාජධානියේ අතරමංව සිටියහ.