ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව නවය දක්වා ඉහළ යයි

මැයි 05, 2020

වයස අවු.52 හැවිරිදි, කාන්තාවක් කොරෝනා වෛරසය හේතුවෙන් මියයයි.

ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසය හේතුවෙන් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව නවයක් දක්වා අද (මැයි 05) වන විට  ඉහළ ගොස් තිබේ.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 52 හැවිරිදි මෙම කාන්තාව මීට සුළු මොහොතකට පෙර මිය ගියේය.

මෙම කාන්තාව  කොළඹ 15, මෝදර  ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්වසන ආබාධයක් හේතුවෙන් ඇය රෝහල් ගත කර ඇත.