කොරෝනා වෛරසය ආසාදිතවූ තවත් නාවිකයකු සුවය ලබයි

මැයි 05, 2020

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ තවත් නාවිකයෙක් ඊයේ (මැයි 4) දින මුල්ලේරියාව රෝහලෙන් පිටව ගියේය.

පීසීආර් පරීක්ෂණයකින් පසුව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ මෙම නාවිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අප්‍රේල් 23 වන දින මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරන ලදී. කොරෝනා වෛරසය ආසාදිත වූ පළමු නාවික හමුදා සාමාජිකයා ඇසුරු කිරීමෙන් ඔහුට රෝගය වැළඳී ඇත.

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ පළමු නාවිකයා මැයි 3 වෙනි දින වාර්තා විය.