නාවික හමුදාව අසනීප වී සිටි ධීවරයකු වෙරළට ගෙන එයි.

මැයි 05, 2020

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඊයේ (මැයි 4) දින ලද තොරතුරකට අනුව නාවික හමුදාව විසින් බහු දින ධීවර යාත්‍රාවක අංශභාග රෝගී තත්වයට පත්වී සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ඇත.

දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මගින් දකුණු  මුහුදු ප්‍රදේශයේ මුහුදු සැතපුම් 32ක පමණ දුරකදී, බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගිය බහු දින ධීවර යාත්‍රාවක සිටි පයාගල පදිංචිකරුවෙකු වන එම්.එස්.කේ පෙරේරා (65), යන මෙම රෝගියා ලබාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසීය.

මෙම රෝගියා වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.