බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 38 දෙනෙකු පිටව යයි

මැයි 05, 2020

නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය වූ  39 දෙනෙකු පසුගිය පැය 24 තුල බූස්ස සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානවල සිට සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

ඔවුන් පිටව යාමට පෙර ඔවුන් හට නිරෝධායන සහතික පත්‍රයද ලබා දී ඇත.