නීතිවිරෝධී කිමිදුම් ආම්පන්න සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට

මැයි 07, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව නොගැඹූරු මුහුදේ තාවකාලික පැල්පතක වලංගු බලපත්‍රයක් නොමැතිව කිමිදුම් කටයුතුවල නිරත වීම සදහා ගබඩා කර තිබු කිමිදුම් උපකරණ සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 19 සහ 43 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා , වලෙයිපාඩු  ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා ජේපුරම් පොලිසියට භාර දී ඇත.