චීනය පරිත්‍යාග කළ තෙවන වෛද්‍ය සැපයුම් තොගය හෙට දිවයිනට

මැයි 07, 2020

චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද තවත් වෛද්‍ය සැපයුම් තොගයක්  හෙට (08) දින සවස 6 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණේ. කොරොනා වෛරස් න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ කට්ටල 30,000 ක්  සහ වරක් පාවිච්චි කර ඉවත දැමිය හැකි පුද්ගල ආරක්ෂන  උපකරණ 15,000 ක් ඒ අතර වේ.

මැයි 8 වන දින චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් හි එම්.යූ 231 ගුවන් යානය  විසින් ෂැංහයි සිට කොළඹ දක්වා ගුවන් ප්‍රවාහනය කරන ලද මෙය චීනයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන තුන්වන වෛද්‍ය සැපයුම් වන අතර එය COVID-19 වසංගතය  සමඟ සටන් කිරීමට ශ්‍රී ලංකාවට ඇති හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාරයක් ලෙස  ලබා දුන් බව , චීන තානාපති කාර්යාල ප්‍රකාශක ලු චෝං (Luo Chong) කොළඹ දී පැවසිය.

අප්‍රේල් 29 වන දින, චීන තානාපති කාර්යාලයේ  හු වෙයි  (Hu Wei) සහ  ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ   හමුවූ අවස්ථාවේ , කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී  ලංකාවට දක්වන සහයෝගය සහ චීනයේ ශක්තිමත් සහයෝගීතාවය පිලිබදව  නැවත අවධාරණය කළේය.

පරීක්ෂණ  කට්ටල 30,000 ක්, පුද්ගල ආරක්ෂක උපකරණ  30,000 ක්, කේඑන් 95 මුහුණු ආවරණ  30,000 ක්, ආරක්ෂිත ඇස් කණ්ණාඩි 30,000 ක් සහ ශල්‍ය මුහුණු ආවරණ  600,000 ක් ඇතුළත්  චීන තෙවන භාණ්ඩ තොගය  ට අයත් බව ඔහු පැවසිය.

රට තුළ කොරෝනා වෛරසය පැතිර ගිය දා සිට චීන රජය, ආයතන සහ පුද්ගලයින් විසින් ශල්‍ය ඇදුම්  කට්ටල 42,024 ක්, ශල්‍ය මුහුණු ආවරණ  958,730 ක්, කේඑන් 95 මුහුණු ආවරණ  139,280 ක්, පුද්ගල ආරක්ෂක උපකරණ 14,380 ක් සහ වෙනත් වෛද්‍ය ආධාර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

මීට අමතරව, චීනය  නැවත නැවතත් සිය අත්දැකීම් ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සමඟ බෙදාගෙන තිබේ.

“මෙම භාණ්ඩ තොගයේ ඉතිරි වෛද්‍ය සැපයුම් හැකි ඉක්මනින් ගෙන්වනවා ”චෝං පැවසිය.