නිරෝධායනයෙන් පසු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසිපස් දෙනෙකු පුනරුත්ථාපනයට

මැයි 08, 2020

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේදී  නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසිපස් දෙනෙකු බදාදා (මැයි 06) දින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා වන කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇත.

පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් අධිකරණ තීන්දුවකට අනුව මෙම පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලදී.

ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ කුසලතාවයන්ට අනුව වෘත්තීය පුහුණුව ඇතුළුව මාස අටක පුනරුත්ථාපන ක්‍රියාවලියකට ඔවුන්ව යොමු කරනු ඇත.