ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 824 ක් වන අතර මේ වන විට රෝගීන් 240 දෙනෙකු මුළුමනින්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
ඊයේ දින PCR පරීක්ෂණ 1,553 ක් සිදු කර ඇති බව ඔහු තහවුරු කළේය.