කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයින් 378 දෙනෙකු සති දෙකක නිරෝධායනය සම්පූර්ණ කරයි

මැයි 09, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන යාපනය විඩත්තල්පලෙයි සහ අලිමංකඩ නිරෝධායන මධ්‍යස්ථානයන්හිදී නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, පුද්ගලයින් 378 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයන් එම නිරෝධායන මධ්‍යස්ථානවලදී සති දෙකක කාලයක්  නිරෝධායනයට භාජනය විය.

පිටත්ව යාමට පෙර ඔවුන් වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායන සහතිකය ප්‍රදානය කරන ලදී.