ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 274 දෙනෙකු මෙරටට

මැයි 10, 2020

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 274 දෙනෙකු රැගත් යූඑල් 605 ශ්‍රී ලංකන් ගුවන් යානය අද (මැයි 10) පෙරවරු 6.12 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල කාර්යභාර කළමනාකරු චමත් සෝමතිලක තහවුරු කලේය.

ඔවුන් සියලු දෙනා මෙරටට පැමිණීමෙන් පසු  දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සදහා පිටත් වීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් විසින් විෂබීජහරණයට ලක්කළ බව ඔහු defence.lk වෙත පැවසීය.