පුත්තලම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් සදහා යුද්ධ හමුදාවෙන් සහනාධාර පාර්සල් 100 ක්

මැයි 10, 2020

පුත්තලම තබ්බෝව ප්‍රදේශයේ සේවය කරන යුද්ධ හමුදා භට පිරිස් අඟහරුවාදා (මැයි 5) දින මහකුඹුක්කඩවල සහ පල්ලම ප්‍රදේශවල තෝරාගත් පවුල් වෙත වියළි සලාක පාර්සල් 100 ක් පරිත්‍යාග කළහ.

වෙසක් සතියට සමගාමීව යුද්ධ හමුදාව විසින් මානුෂීය ආධාර ලෙස එම අවශ්‍යතා සහිත පවුල් වෙත  සහනාධාර පාර්සල් බෙදා දෙන ලදී.

සහනාධාර බෙදා දීම සදහා පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිය සහාය ලබා දෙන ලදී.