256 දෙනෙකු මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යති

මැයි 11, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යන මුලතිව් හි නිරෝධායන මධ්‍යස්ථානයේ සිවිල් වැසියන් 256 දෙනෙකු ඊයේ (මැයි 10) දින සති තුනක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළහ. 

නිරෝධායනය සම්පූර්ණ කළ සිවිල් වැසියන් කොළඹ ගුණසිංපුර ප්‍රදේශයේ අයවළුන් වේ. මෙම පිරිසට, පිරිමි 225 ක් හා කාන්තාවන් 31 ක් ඇතුළත් වේ.    

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන ආකාරයට සිවිල් වැසියන් 77 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ලෙස හදුනාගත් 48 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. මීට අමතරව පුද්ගලයින් 50 දෙනෙකු වැඩිහිටි නිවාසවලට යවා ඇති අතර තවත් 30 දෙනෙකු වැඩිහිටියන් සඳහා වන රිදීගම රෝහලට යොමු කර ඇත.  

තවද, ප්‍රමාණවත් වෘත්තීය කුසලතා නොමැති පුද්ගලයින් 51 දෙනෙකු ආධුනිකයින් ලෙස ව්‍යාපෘති සඳහා යොමු කරන ලදි.