කොරෝනා වෛරසය ආසාදනය වී නොතිබූ නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු රෝහල් වලින් මුදා හැරේ

මැයි 11, 2020

ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු PCR පරීක්ෂණය සිදුකිරීමෙන් පසු කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීම නිසා රෝහල්වලින් පිටත් කර යවා තිබේ.  

මීට පෙර වෛරසය වැළඳී ඇති බවට සැක සහිත නාවික හමුදා සාමාජිකයින් ප්‍රතිකාර සඳහා රෝහල්වලට ඇතුළත් කර ඇත.  

පරීක්ෂණ වලින් පසුව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීම නිසා  නාවික හමුදා සාමාජිකයින් 33 දෙනෙකු රෝහල්වලින් පිටත් කර යවා තිබේ.  

සෞඛ්‍ය උපදෙස් වලට අනුව රෝහල්වලින් පිටත් වූ නැවියන් දින 14 ක නිරෝධායනයකට යොමු කර ඇත.