යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ගෘහ උපකරණ පරිත්‍යාග කරයි

මැයි 11, 2020

කිලිනොච්චි හි කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  පොන්නගර්හි අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිකුරාදා (මැයි 8) දින අත්‍යවශ්‍ය ගෘහ උපකරණ ලබා දෙන ලදී.

මෙය සිදු කරන ලද්දේ ‘වෙසක් සතිය’ අනුස්මරණය කරමින් හා දිවයින පුරා ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අඛණ්ඩ මානුෂීය ආධාර සැපයීමේ වැඩසටහනට සමගාමීව ය.

ගෘහ උපකරණ වන තහඩු, මුට්ටි, බේසම් , වියළි සලාක සහ අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ඔවුන් වෙත ලබා දෙන ලදී.