බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල සිවිල් වැසියන් 10 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ

මැයි 11, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයවනු ලබන බුස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් සිවිල් වැසියන් 10 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ.

ඒ අනුව අවසන් වෛද්‍ය පරීක්‍ෂණයක් සිදු  කිරීමෙන් පසුව එම පුද්ගලයන් වෙත නිරෝධායන සහතික ලබා දෙන ලදී.

මේ වන විට නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 139 දෙනෙකු පිටව ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 54 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.