නිරෝධායනය අවසන් කල තවත් 175 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව යයි

මැයි 11, 2020

ඉරණමඩු පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සති තුනක නිරෝධායන ක්‍රියාවලිය  අවසන්  කිරීමෙන් පසු අද (මැයි 11) දින තවත් සිවිල් වැසියන් 175 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

මෙම පුද්ගලයින් කොළඹ බණ්ඩාරනායක මාවත, කෙසෙල්වත්ත, කොටහේන, දෙමටගොඩ යන ප්‍රදේශවල  පදිංචිකරුවන් වූ අතර ඔවුන් නිරෝධායනය සඳහා අප්‍රේල් 22 වන දින රැගෙන එන ලදි.

මෙම කණ්ඩායමට පිරිමි පුද්ගලයින් 83 දෙනෙක් සහ කාන්තාවන් 91 දෙනෙකු ඇතුළත් වූ අතර අවසන් වෛද්‍ය පරීක්‍ෂණය අවසන් කිරීමෙන් පසුව ඔවුන් නිදහස් කරන ලදි.