ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් ඉන්දියානු නාවික හමුදා නෞකාවකින් මෙරටට රැගෙන එයි

මැයි 12, 2020

ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා සෙබළුන් 10 දෙනෙකු ඉන්දීය නාවික හමුදා    ‘ශර්දා’ නෞකාව මගින් ඊයේ (11) ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.
 
නාවික සෙබළුන්, ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ශර්දා’ යුධ නෞකාව මගින් දකුණු මුහුදු තීරය වෙත ගෙන්වා ගැනීමෙන් පසු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 මැයි 11) කටයුතු කරන ලදි. විෂබීජ නාශක ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසුව, ඔවුන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කරන ලදි.