නාවික හමුදාව දකුණු දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන විෂබීජහරණය කරයි

මැයි 12, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන විෂබීජ නාශක වැඩසටහන යටතේ, ගාල්ලේ සිට බෙලිඅත්ත දක්වා වන සියලුම දුම්රිය ස්ථාන විෂබීජහරණය කර ඇත.

වෛරස් ආසාදනයෙන් සාමාන්‍ය ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා මෙම වැඩසටහන පවත්වනු ලැබුවේ, විශේෂයෙන් ඇඳිරි නීතිය ලිහිල් වීම යටතේ අදාළ සේවා ස්ථානවලට ගමන් කරන ජනතාව වෙනුවෙනි.