යාපනය සිවිල් සහ ආරක්‍ෂක හමුදා සහයෝගීතාවයේ මධ්‍යස්ථානය (Harmony Center) විවෘත කරයි

මැයි 12, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ සාමය, සංහිඳියාව සහ ජනජීවිතයේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ‘සහයෝගීතාවයේ මධ්‍යස්ථානයක්’ ඊයේ (මැයි 11) දින විවෘත කළේය.  

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ සංකල්පය හා මඟපෙන්වීම මත යාපනය සිවිල් සහ ආරක්‍ෂක හමුදා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා කන්කසන්තුරය ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය පිහිටුවන ලදි.   

මෙම සහයෝගීතා මධ්‍යස්ථානය ඇති කිරීම මගින් අරමුණු කර ඇත්තේ අධ්‍යාපනය, සන්නිවේදනය සහ තොරතුරු, ඉදිකිරීම්, කාන්තාවන් සහ ළමුන් සවිබල ගැන්වීම, සංස්කෘතික හා ආගමික කටයුතු, කෘෂි කාර්මික හා රැකිරක්‍ෂා, ආපදා අවම කිරීම, ක්‍රීඩා හා විනෝදාස්වාදය සහ වෘත්තීය ආදී ව්‍යාපෘති රාශියක් සඳහා පොදු වේදිකාවක් සැපයීමයි.  

515 බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් මෙම ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති අතර, මෙම නව මධ්‍යස්ථානය ඉදිකිරිම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ සිවිල් පරිත්‍යාගශිලීන් විසින් දරා ඇත.