නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි

මැයි 12, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන මන්නාරම, නච්චිකුඩා  නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්කල  පුද්ගලයින් 28 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම අද (මැයි 12) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.  

ඔවුන් පිටත්ව යාමට පෙර නිරෝධායන සහතික ලබා දෙන ලදී. එම පිරිස පිටව ගිය පසු නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියට භාජනය වෙමින් සිටින මුළු සංඛ්‍යාව 22 දක්වා අඩු වී තිබේ.